SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික සමඟි ජනබලවේගය පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ අතරින්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම බව සඳහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිතුරු ලිපියක් නිකුත් කර තිබෙනවා.

 

 

එහිදී පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙද්දී පත් අපහසුතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන තත්ත්වය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීම සිය වගකීම ගැනයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.4 ඩී පරිච්ඡේදය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ලවන චෝදනා බලපෑම් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුුන්සිලය ද එම වසරේ සිටම ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ මේ ගැන සාකච්ඡා කර ඇති අවස්ථා ද ශ්‍රී ලංකා ක්‍රිකට් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

 

 

මෙම ලිපිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීනයෙක් පැවසුවේ රටේ ක්‍රිකට් නොව ඕනෑම ක්‍රීඩා සංගමයක ක්‍රියාකාරීත්වය එම ක්‍රීඩාවේ ලෝක සංගමය පනවන නීති රීති මත සිදුවිය යුතුය යන්නය. හැම දෙයකටම ඉහළින් දේශපාලනය තබා ගැනීම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව බහුතරයක් මෙන්ම මහජන නියෝජිතයන්ද අපේක්ෂා කරන දෙයක් බව ඔහු පෙන්වා දුන්නේය.

 

 

ඒ නිසා රටේ ක්‍රීඩාවක පරිපාලනය ලෝක පරිපාලනය විසින් පෙන්වා දී ඇති කාරණා ඔස්සේ ක්‍රියාවට නැඟීම අවශ්‍යය වන බව ඔහුගේ අදහසය. මෙහිදි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දක්වන උදසීනත්වය සහ අනවබෝධය කණගාටුදායක තත්ත්වයක් බව පැවසූ එම නියෝජිතයා වගකිව යුතු විපක්ෂයක්නම් ඔවුන් කළ යුතුව තිබුණේ එම ලිපි හුවමාරුව සිඳුවන පළමු මොහොතේ මැදිහත්ව පාර්ලිමේන්තුවේ දී අයිසීසියේ නියෝග පරිදි ක්‍රියාත්මක වන ලෙස රජයට බලකිරීම බව ද ඔහුගේ අදහසය.

 

 

“මේ වැඩෙන් දේශපාලන වාසියක් අරගෙන ආණ්ඩුව පෙරළුවා කියන්න.ඒ එන ආණ්ඩුවටත් වෙන්නෙ අයිසිසී එකඟ වෙන තැනකින් ක්‍රිකට් පටන්ගන්න. මේ තත්ත්වය යටතෙ තිබුණොත් එහෙම ගන්න ආණ්ඩුවටත් 19 න් පහළ ක්‍රිකට් එකේ ලෝක කුසලාන තරග කරගන්න බැරි වුණොත් ආණුඩුවට අවශ්‍යය කරන මුදල් හිඟයකට මුහුණ දෙන්න වෙනවා” ඔහු තව දුරටත් පැහැදිළි කළේය.

 

 


“සජිත් මහත්තයා ක්‍රිකට් ගැන මෙච්චර කතා කරාට එයාගෙ තාත්තගෙ දර්ශනය ගේනවා කිව්වට තාත්තා ගොඩක් ආස කරපු පාපන්දුව ජාත්‍යන්තර වශයෙන් තහනම් වුණාම කතා කළේ නැහැ. රගර් තහනම් වුණා කතා කළේ නැහැ.ඒ වගෙම අමාත්‍යවරයා විසුරුවා හැරීම නිසා මේ තහනම් වෙන්නෙ තුන්වෙනි ක්‍රීඩාව.විපක්ෂය මේ තත්ත්වය ගැනයි නේද විවාදයක් ඉල්ලන්න ඕනි.ඒ තහනමට බලපෑ කරුණු ගැන ඉල්ලීමක් කරලා පාර්ලිමේන්තුවෙ කමිටුවක් පත් කරගෙන ජාත්‍යන්තර රගර් සහ ජාත්‍යන්තර පාපන්දු සමඟ කතා කරන්න ඕනි නැද්ද?ජාත්‍යන්තර ක්‍රිකට් එක්ක කතා කරන්න ඕනි නැද්ද?එහෙම කතා කරලා උපායශීලීව ලංකාවෙ නීතිය ඉක්මවා යන්න නොහැකි වන පරිදි මෙන්ම ජාත්‍යන්තරය එකඟ වන ආකාරයට තියෙන ක්‍රීඩා පනත සංශෝධනය කරන්න ඕනි නැද්ද?”

 

 

දිගින් දිගටම අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන් කරුණු කෙසේ වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් විපක්ෂනායකවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ මාධය නිවේදනය සම්පූර්ණයෙන් මේ සමඟ යොමු කර ඇත. (නිශ්මං)

 

1 2

 

SL 1 3SL 1 4

‍@ LNW වෙබ් අඩවියේ නිශ්මංගේ සටහනක්

නවතම ලිපි