SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල දියවන්නාවේ සුපර් ස්ටාර්  බවට පත්ව සිටින්නේ  පොළොන්නරුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයායි.

මුන්නැහේ මේ දවස්වල පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තමන්ට හමුවන සියලු මන්ත්‍රීවරුන් එක්ක හරීම  කුළුපගයිලු.  

 

 

දියවන්නාවේ  ආරංචි මාර්ග කියන්නෙ ඇමතිවරයා හිනාවෙන්නෙ නැති, කතා කරන්නෙ නැති මොහොතක් නැති තරම් කියලයි.  මේ හින්ඳම ඒ ගැන දියවන්නාවේ කට්ටිය අතර කසුකුසුවක් ලු.

 

ඔන්න අළුත්ම කසුකුසුව තමයි

 

''එතුමාට රාජ යෝගයක් තියනවාලු නේද?'' කියන එක.

 

කොහොම උනත්  ක්‍රීඩා අමාත්‍යවරයා මේ දවස්වල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය එනතුරු බලා ඉන්නවලු..

අමාත්‍යවරයා පත්කරපු  අතුරු කමිටුවට පැනවූ අතුරු තහනම් කාලය ඉවර වෙලා තිබුණත් ඒ  කමිටුව  පණ ගැන්වීමට රොෂාන්  ඇමති උත්සාහයක්  ගන්නෙ නැතිලු..

ක්‍රිකට් ගැටලුව මධ්‍යස්ථ තැනකට පැමිණ විසඳාගත යුතු බව ලොකු මහත්තයා  හැම  පාර්ශවයකටම කියල යවල කියලයි ආරංචිය.

 

කොහොම උනත් සෙල්ලම් ඇමති ලොකු තැන එක්ක ගේමම ඉල්ලනවලු.

ඒකට හේතුව  මේ රාජ යෝගය නිසාය කියලයි කට්ටියගෙ කසු කුසුව වෙලා තියෙන්නෙත්.

නවතම ලිපි