ඔන්න දියවන්නාවේ ලිංගික අල්ලස් සිද්ධියක් ගැන සජබෙ හේෂා කතාවක් මතුකරල.
කෝප් කමිටු සභාපති කෙනෙක් කියල කියපු එක පැහැදිලිව කියන්නෙයි කියල හිටපු කෝප් කමිටු සභාපති චරිත හේරත් දියවන්නාවෙදි කියල තියෙනවා.
වහෙන් ඔරෝ කියන්න ගිය හේෂා කෙලින්ම කිව්වෙ ඒ චෝදනාවට පරණ සභාපතිල කව්රුවත් අදාළ නැතිය ඒ කිව්වෙ වර්තමාන කෝප් සභාපති ගැනය කියල.
වැඩේ කියන්නෙ උන්දෑ ගැන හරියට නොදැන හිටියෙ ඔය දියවන්නාවෙ කට්ටිය විතරයි වෙන්ටැතිලු.
මොකද එයා ගැන හරියටම දැනගන්න නම් කොළඹ කැම්පස් එකේ පරණ රෙකෝඩ්ස් පෙරලුවා නම් බලාගන්න තිබුණ කියලයි කොළඹින් පාස්අවුට් වෙච්ච කට්ටිය කියන්නෙ.
ඒ අය කියන්නෙ නම් දියවන්නාවෙන් ඔික වාර්තා වෙන්න මෙච්චර කල් මොකද බැලුවෙ කියලලු...
හරියටම බැලුවොත් ඔය වගේ සිද්ධියක් නිසාම වැඩ තහනමකටත් ලක්වෙලා කියලලු ඒ කට්ටිය කියන්නෙ.
ඔිවයෙ ඉතිං ඇත්ත බොරු හරියටම කියන්න අපි නම් දන්නෙ නැහැ. ඔිව ඉතිං ඉතිහාසෙ දන්න ඈයො කියන කතානේ.
ඒ මොනව උනත් අනේ ඉතිං ඔය දියවන්නාවෙ අඩු නැතිවම ඉතිං හැම සබ්ජෙක්ට් එකක්ම නියෝජනය වෙනවනේ. ඔික සුද්ද කරල හදන්න ගියොත් ඉතිරි වෙන්නෙ කීයද කියලැයි ගොසිප් තීරය වාර්තා කොරන්නෙ.. 
 
															

 
  
  
  
 
   
   
   
   
   
   
   
   
  