SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන 2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් රට ගොඩගත් බව ජනාධිපත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළද

ජාතික රූපවාහිනියෙන් විකාශනය කළ බිග් කුයෙක්ෂන් වැඩසටහන මගින් ආර්ථිකය තවමත් ඉතා අවදානම් තත්වයේ පවතින බව හෙළිකරනු ලැබීය.

 

ඊයේ (14) රාත්‍රියේ විකාශනය කළ එම වැඩසටහනට ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න සහභාගී කරගෙන තිබූ අතර එම වැඩසටහන පුරාම පවතින තත්වය ඉතා අනතුරුදායී බව දිගින් දිගටම පෙන්වාදෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න කරුණු පැහැදිලිකළේ වෙළඳපොලේ භාණ්ඩ සුලභ වී පෝලිම් නොතිබුනද පවතින තත්වය බොහෝදෙනෙකු නිවැරදිව තේරුම්ගෙන නැති බවය.

කුමන හේතුවක් නිසා හෝ පසුගිය වසරේ තිබූ තත්වය උද්ගතවුවහොත් ආර්ථික ප්‍රතිවිපාක වඩාත් දරුණු වන බව පෙන්වාදෙනු ලැබීය.

 

ජාතික රූපවාහිනියේ වර්තමාන සභාපති ප්‍රසාද් සමරසිංහ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ පත්කිරීමක් වන අතර වසර 5ක් පුරා ටැක්ස් නොගෙවීම සම්බන්ධයෙන්ද ජාතික රූපවාහිනිය මගහරිමින් සිටින බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

 

@Lankatruth පුවත ඇසුරිනි.

නවතම ලිපි