SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කරයි.

 

ඒ, අද (16) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

 

කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බව කියූ විපක්ෂ නායකවරයා, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කළේය.

 

ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

 

එසේම කෝප් කමිටුවට කිසිදු  පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් ඔහු කියයි.

නවතම ලිපි