SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමාට සහ තම පවුලට ජීවිත තර්ජන පවතින බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව පිළිබඳව සොයා බලන ලෙසයි.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ සුදත් චන්ද්‍රසේකර පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ සිදුකළ බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඊයේ ඔහු පොලිස්පතිට පැමිණිලි කර තිබුණේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක සහ සුදත් චන්ද්‍රසේකරගෙන් මරණීය තර්ජන ඇති බව වන අතර අද වනවිට ඉන් සාගලගේ නම ඉවත්වීම හාස්‍යයට කරුණක් බව දේශපාලන විශ්ලේෂක අදහසය.

නවතම ලිපි