SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය කියයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව යි.

 

20% කොටස් රාජ්‍ය බැංකුවලින් විකුණා දැමුවොත් එය ජාතික අපරාධයක් බවත් මේ හරහා බැංකු පූර්ණ වශයෙන් විකුණා දැමීම දක්වා යාහැකි බවත් ලංකා බැංකු සේවක සංගමය කියා ඇත.

 

පසුගිය දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේදී  දෙරණ නාලිකාවේ අයවැය විශ්ලේෂනයකට සහභාගී වූ ධනනාත් ප්‍රනාන්දු වැනි ආර්ථික විද්‍යා මත ඉදිරිපත් කරන්නන් ද මෙම බැංකුවේ කොටස් විකුණා දැමීමට පක්ෂව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

 

ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ රාජ්‍ය බැංකු පාඩු ලබන තත්වයේ ඇති බවය.

 

රාජ්‍ය බැංකු පාඩු ලබන්නේ ඇයි?

 

රාජ්‍ය බැංකු පාඩු ලබන්නේ බැංකුව මගින් අසීමිත ලෙස ණය ලබාදීමත් ඒවා නැවත අයකරගැනීමට නොහැකි වීමෙන් බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබීමත් නිසා බව බැංකුව හොඳින්ම දනී.

මෙම ණය වැඩිපුරම  දී ඇත්තේ රජය වෙනුවෙනි. ඒ රාජපක්ෂ සමයේ ඇතිකළ අසීමාන්තික සංවර්ධන වැඩසටහන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු වෙනුවෙනි.

බොල් ණය බවට පත්කල සියළුම ණය සාමාන්‍ය ජනතාවගේ ණය නොවන අතර ඒවා මහපරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ සහ කොම්පැණි කාරයින්ගේත්, රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් ණය වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී බැංකුව මේ තත්වයට පත්වන බව හොඳාකාරවම මෙම ණය ලබාගත් අය දන්නා කරුණකි.

 

රොහාන් සමරජීව වැනි ආර්ථික විද්‍යා මත පළකරන්නන්ගේ අදහස වී ඇත්තේ රාජ්‍ය බැංකු සම්පූර්ණයෙන්ම විකුණා දැමිය යුතු බවය.

 

රාජ්‍ය බැංකුවක් ‌හෝ සමහර  රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ හුදෙක් ලාභය පමණක් අරමුණු කරගෙන නොවේ. ඒවා සම්බන්ධව ඇති අරමුණු පිළිබඳව මෙම විශ්ලේෂකයින්ගේ මත පළ නොවන්නේ ඇයි? එම ක්ෂේත්‍ර විධිමත් කරලීම නොකර මූණත් එක්ක තරහට නහය කපා ගන්නා වර්ගයේ පිළිතුරු ඉදිරිපත් කරනා ලංකාවේ ඊනියා විශ්ලේෂකයින්ගේ තත්වය එයය.

 

බැංකු සේවක සංගමය පවසන්නේ ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුද තුළ ප්‍රධාන රාජ බැංකු දෙක ලාභ උපයා ගනිමින් මහා භාණ්ඩාගාරයට බදු ගෙවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇති බවය.

නවතම ලිපි