SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට මරණීය තර්ජන එල්ල වෙලාලු.

ඒ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකරගෙන්ලු.

 

රොෂාන් රණසිංහ ඇමතිවරයා මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ ඔහුට STF ආරක්ෂාව ලබාදෙන ලෙසලු.

 

රොෂාන් ඇමතිට ආරක්ෂාව ලබා දී නැද්ද?

 

ක්‍රීඩා ඇමති රොෂාන් ඔහුගේ කොළඹ නිවසට මෙන්ම පොළොන්නරුවේ නිවසටත් ඇමති ආරක්ෂකයින් යොදවා තිබුණේ ඔහු ඇමතිවරයෙකු ලෙස දිව්රුම් දුන් දා සිටලු.

මේ ගැන හොයල බලද්දි ක්‍රීඩා ඇමතිවරයා රජයෙන් වැටුප් ගෙවමින් සේවයට යොදවා ඇති ආරක්ෂකයින්ගේ ලැයිස්තුවක් ඔන්න අපිට ලැබිල තියෙනවා.

WhatsApp Image 2023 11 15 at 20.55.01

අර්බූධයක් තියෙන රටක ඇමතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක සේවයට වගේම තමන්ට තියෙන ගෙවල් දෙක තුනකටම සේවයට යොදවන්නේ රජයේ වැටුප් ගන්න සේවකයො.

හැමෝම කතාකරන්නේ දූෂණ වංචා පිටුදකින්න උනත් කොයි කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව කියලත් රටේ මිනිස්සු නම් දන්නව කියලයි කියන්නේ.

දැන් ඉතිං රටේ තියෙන ලොකුම ප්‍රශ්නය රොෂාන් ඇමතිගෙ ආරක්ෂාව වෙන්නැති කියලයි තතු දත් අය කියන්නේ...

 

අපිට ආරංචි හැටියට අද රනිල් ලොක්ක අහල තියෙනවය කියන්නේ "ඔිගොල්ලො කවද ඉඳලද මේ චණ්ඩි වෙලා තියෙන්නෙ" කියාලු.

මොනව උනත් ලොක්ක අහනකල් මේ චණ්ඩි දෙන්නම මේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නැහැයි ලු.

 

කොහොම උනත් යන යකා යන්න හදන්නේ කොරහත් බිඳගෙනලු

 

 

#Gossip

නවතම ලිපි