SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඊයේ (14) කෝප් කමිටුවේදී හෙළි කර ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම හෙළිදරව්ව සිදුකළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය.

 

එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කළේය.

 

'වන් ෂොට්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 

මේ අතර රුපියල් 150,000ක වැටුපකට සේවාව ලබාදෙන ලෙස ඉල්ලා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කළේය.

 

ක්‍රිකට් ආයතනය එහිදී පවසා සිටියේ එම ඉල්ලීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රතික්ෂේප කළ බවය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් යොමුකරමින් එලෙස ඉල්ලීමක් කිරීමම අතිශය දෝෂ සහිත ක්‍රියාවක් බවය.

 

නවතම ලිපි