SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික රූපවාහිනිය VAT බදු ‌වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ‌ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව srilankamirror වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර පහක පමණ කාලයක සිට මෙසේ VAT බදු ‌ගෙවා නැති අතර  මේ හේතුව නිසා  රූපවාහිනියට මුදල් ලැබීමට ඇති වෙනත් ආයතන වලින් නොගෙවූ VAT බදු අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි කියවේ.

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි  දිනුම් ඇදීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් රුපවාහිනියට මසකට ගෙවනු ලබන රුපියල් මිලියන 40කට ආසන්න මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව එහි ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා කියා ඇත.

 

සභාපතිගේ  කට්ටි පැනීම

 

 

මේ අතර, දැනට මාස පහක පමණ කාලයක සිට රූපවාහිනියේ සභාපති ලෙසින් කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මෙම VAT බදු ප්‍රමාණය නොගෙවා මගහැර සිටීමට රජයේ හිතවතුන්ගේ සහය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහුව සභාපති ලෙස පත්කළ හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හරහා වැඩ බලන ආදායම් බදු කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධනටත් තවත් ඉහල නිලධාරීන්ටත් බලපෑම් කර ඇති බවට  දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන බව ශ්‍රී ලංකා මිරර් පුවතේ සඳහන් කරයි.

 

 

ඔවුන් මෙසේ ඉල්ලා ඇත්තේ මෙම වසර අවසන් වනතුරු VAT  බද්ද නොගෙවා සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස බවද පැවසේ.

 

රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයකු මෙසේ බදු නොගෙවා VAT බද්ද සේවක පඩිනඩි ගෙවීමට යොදා ගත්තේ නම් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔහුගේ හෝ ඇයගේ ව්‍යාපාර බැංකු තහනම් කර නඩු පැවරීමට කටයුතු කරනු ලබනු ඇති බවත් මාධ්‍ය වාර්තාවේ සඳහන්ය.

 VAT බදු ‌ගෙවීම පැහැර හැරීමට හේතු ලෙස රූපවාහිනී සේවක සේවිකාවන්ට එහි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ  චැනලයේ ආදායම අඩුවීම බවය.

 

කෙසේ වුවත් රූපවාහිනියේ වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටින්නේ සභාපති ප්‍රසාද් සමරසිංහ විසින් චැනලය දියුනු කිරීමට උවමනා නිෂ්පාදන සඳහා සේවක පිරිස යොමු නොකරන බවත්, දවස පටන් ගත් මොහොතේ සිට රූපවාහිනී යූටියුබ් චැනලයට කොටමින් එයින් කීයක් හෝ ගසා කෑමට උත්සහ කරන බවත්ය. 

 

මේ අතර, මෙරට ප්‍රධාන ආයතන කිහිපයකම අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ ගේ මෙම හැසිරීම හේතුවෙන් ඔහුගේ මෙරට හා ඔිස්ට්‍රේලියාවේ තිබෙන  වත්කම් සඳහා නිවැරදිව බදු ගෙවන්නේද යන්න පිළිබඳවද දේශීය ආදායම් දෙපාර්තමේතුවට සැකයක් මතුව තිබේ.

 

 

පස්සෙ  උත්තර දෙන්නම්…

 

සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය  වැඩබලන ආදායම් බදු කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධනගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඊට පිළිතුරක් දිය නොහැකි බව පවසා ඇතැයි මිරර් වාර්තාවේ සඳහන්ය.

 

ඊට හේතු වශයෙන් කියා ඇත්තේ අය වැය සම්බන්ධ සාකච්ඡා කිහිපයක් හේතුවෙන් අද සවස්වන තුරුම තමා කාර්ය බහුල බවය.

 

 

15% VAT – 18% වුණේ මේ නිසා?

 

 

මේ අතර, එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර VAT ගෙවන සමාගම් කිහිපයක ප්‍රධානියෝ  කියා ඇත්තේ  වැට් බදු වැඩි කිරීමට හේතුව විශේෂයෙන්ම රාජ්‍ය ආයතන විසින්  VAT ගෙවීම පැහැර හැරීම VAT බද්ධ ඉහළ නංවන්නට හේතු වන බවයි.  

 

@srilankamirror.com  පුවත ඇසුරිනි.

නවතම ලිපි