SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට

විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය පවරනු ලැබ ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර ඇත.

 

ඊට අමතරව, ඉදිරියේදී අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

 

 

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය වහාම නිවැරදියි කළ යුතුයි - ක්‍රීඩා ඇමති කියයි 

 

 


මෙම නිවේදනය පිළිබඳව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වැරදි සහගත බවය.

 


මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කරන ලද නිවේදනය වැරදි බවයි ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ.

 


ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බවත්  ජනාධිපති මාධ්‍ය අංශය විසින්  නිවේදනය නිවරැදි කළ යුතු බවත්ය.  

 

 

වාර්තා පොතට එක්වන වැඩිම නඩු සහිත අමාත්‍යාංශය

 

 

මේ වනවිට පවත්වාගෙන නඩු 285කට ආසන්න සංඛ්‍යාවක් ඇති ක්‍රීඩා අමාත්‍යාංශය වාර්තා පොතට එක්වන්නේ වැඩියෙන්ම නඩු කියන අමාත්‍යාංශය ලෙස මෙන්ම  තම වැය ශීර්ෂයෙන් විශාල පිරිවැයක් නඩු කීම සඳහා යොදවන්නට සිදුවන අමාත්‍යාංශය ලෙස යැයි සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඒ අනුව රොෂාන් රණසිංහ හා ජනාධිපති මාධ්‍ය ඒකකය අතර පටලැවිල්ල තවත් නඩුවක් ද?

නවතම ලිපි