SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවන බව

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය Xගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

 

WhatsApp Image 2023 11 13 at 10.37.15

 

විදේශගත ශ්‍රමකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුලදී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී ඇතැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ඉකුත් වසරේ ඔත්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව  සියය‍ට 45.63 ක වර්ධනයක් පෙන්නුම් කරයි.  එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර්  මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලකි.

 

ඉකුත් වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලෙස  ඇමරිකානු ඩොලර් මිලියන 2,929.4 ක් එනම් බිලියන 2.9 ක මුදලක් ලැබී ඇත. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස දහයක කාලයට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලැබීම සියයට 66කින් ඉහළ ගොස් ඇත.

  • මාධ්‍ය ඒකකය -

නවතම ලිපි