SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට ක්‍රිකට් අර්බූධය උත්සන්න වී ඇති අතර ලංකාව සහභාගී වන ප්‍රධානම ක්‍රීඩා තුනක තරඟ තහනම් ඇතිකළ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සතිය තුලදී තම අමාත්‍ය ධූරය හැරයෑමක් සිදුවනු ඇති බව මෙන්ම ඔහු

විපක්ෂ නායකවරයා සමග පාර්ලිමේන්තු කාමරයකදී සිදුවූ කතාබහක් පිළිබඳවද අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි. දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි.

 

 

ඒ අතර මීළඟ පොලිස්පති වශයෙන් පත්කළ යුතුයැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් යෝජනා කර තිබූ, ඒ සඳහා සුදුසුකම් ඉදිරිපත් කර ඇති ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් 2021 වසරේ සිට උපදේශක තනතුරක් වෙනුවෙන් වැටුපක් සහ ඊට අදාළ දීමනා ලබාදී ඇති බව xposure.lk වෙබ් අඩවිය අද වාර්තා කර ඇත.

 

 

එකී වාර්තාව පහත පරිදි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත මාසික වේතනයක් සහ වරප්‍රසාද ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.

 

 

ඒ අනුව ආරක්ෂක උපදේශක තනතුරක් වෙනුවෙන් ඔහුට මාසිකව රුපියල් 150000 ක්, පෙට්‍රල් ලීටර 200 ක් සහ දුරකථන ඇමතුම් සඳහා රුපියල් 5000 ක මුදලක් ලබා දී ඇත.

 

ඊට අමතරව කාර්යාලයී​ය ප්‍රයෝජන සඳහා ජංගම දුරකථනයක් සහ ලැප් ටොප් පරිගණකයක් ද ලබා දී ඇති අතර වෛද්‍ය රක්ෂණාවරණයක් ද ඔහු වෙත පිරිනමා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියකින් හෙලිව තිබේ.

 

 

2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා වසර 2 ක කාලයක් සඳහා මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති අතර අදාල කාලය තුල බෝනස් දීමනා සහා වාර්ෂික වැටුප් වැඩි කිරීමක් ද පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ජේෂ්ඨ කළමනාකරු මේජර් ටනේෂ් ඩයස් ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින් මෙම පත්වීම ප්‍රදානය කර ඇත.

 

 

deshabandu cricket 1

 

@ xposure.lk වෙතින් උපුටාගැනීමකි.

නවතම ලිපි