SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා අමාත්‍ය ධූරය සහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන කසුකුසුව පැමිණුනේ අද ඊයෙක නොවේ. එයට දැන් වසරකටත් වඩා වැඩිය.

එය සුපුරුදු පරිදිම ප්‍රමාද කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්මය. ඒ ඔහුගේ කල් යල්  බැලීමේ විලාසිතාවය.

 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ හිඟයේ සිට ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව තහනම් සමාගම්වලින් ඖෂධ මිළදී ගැනීම් මෙන්ම රෝගීන් මෙම ඖෂධ හේතුවෙන් මියයෑම දක්වා වර්ධනය වීමෙන් ඇතිවූ විරෝධතා සමග සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිදු වුනි. ඒ ලෙඩා මරණාසන්න වනතෙක් ම සිටය.

 

ඒ ආකාරයටම ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේද දිගින් දිගටම සිදුවූයේ අකාර්යක්ෂම පරිපාලනයකි.

 

මුලින්ම රග්බි සහ පාපන්දු ක්‍රීඩාවන් තහනමට ලක්ව ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා ගැනීමට ක්‍රීඩා ඇමතිවරයා සමත් වූයේ ඔහු දේශපාලනයයි අමාත්‍යාංශ පරිපාලනයයි වෙන්කොට හඳුනා නොගත් නිසා යැයි බොහෝ පාර්ශ්වයන් කියා ඇත. මෑතකදී ක්‍රිකට් තහනමත් සමග හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ නාමල් රාජපක්ෂ පවා කියා ඇත්තේ පරිපාලනය සහ දේශපාලනඥයන් අතර ගැටුම් නිසා එම තරඟ තහනමට ලක්වූ බවය.

 

ගැටුම් වර්ධනය කරගැනීම දක්ෂ දේශපාලකයෙක්ගේ හෝ පරිපාලකයෙක්ගේ ක්‍රියාවක් නොවන බවත් ඉන් සිදුවන්නේ මෙවැනි අනර්ථයන් බවත් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනාගේ මතය වී ඇත.

 

මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් තරඟ තහනමකට ලක්ව ඇති ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් ඉක්මවා ගිය ලංකාවට වාර්ෂිකව ආදායමක් ලැබෙන වෘත්තියක් බවට මේ වනවිට පත්ව ඇත.

 

ඒනිසා කිසිදු පාලකයෙකු ආර්ථික අර්බූධයකින් බැටකන රටක දේශපාලකයෙකුගේ පුද්ගලික ආරෝවක් නිසා රටට ලැබෙන අවස්ථාවන් මග හැර ගන්නේ නැත.

 

මේ පිළිබඳව ඉතා හොඳින් දන්නා ක්‍රීඩා ඇමතිවරයා ප්‍රශ්නය විසඳාගන්නට විපක්ෂ නායක හා එක්වීම බොහෝ දේශපාලන විචාරකයින් දකින්නේ එළැඹෙන මැතිවරණ වර්ෂයේ තම අසුන රැකගැනීමේ විධික්‍රමයක් ලෙසය.

 

 

cartoon derana

adaderana කාටූනයකි.

 

කෙසේ වුවද කඩිනමින් ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා මාර්ගයට එළැඹීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වී ඇති නිසා වර්තමාන ක්‍රිකට් ඇමතිවරයා තම දේශපාලන අනාගතය පිළිබඳ තීරණයක් ගැනීමට විපක්ෂ නායකවරයා හමුවීම වරදක් නොවන බවත් විචාරකයින්ගේ අදහස වී ඇත.

 

අද (13) ඩේලි මිරර් පුවත්පත විසින්ද වාර්තා කර තිබුණේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කියා සිටි සිටි බවත්  ඔහු මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ය.

 

@ඉවෝන් ප්‍රියංකා

නවතම ලිපි