SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 වර්ෂය සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දහවල් 12ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙය ලංකාවේ 78 වැනි අයවැයයි.

ඊයේ (12)  අයවැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත්කිරීම පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපතිවරයා එක්වී තිබුණි.

 

ඒ සඳහා  මුදල් රාජ්‍ය අමාත්‍යවරුන්, මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව ඇත.

 

2024 වසර සඳහා;

ඇස්තමේන්තුගත රජයේ වියදම - රුපියල් බිලියන 7,326කි.

පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර,වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය - රුපියල් බිලියන 5,334කි.

ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය - රුපියල් බිලියන 1,225ක් ලෙස සඳහන්ය.

 

 

විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දින 07ක් පැවැත්වේ.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා ය.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

 

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා පස්වරු 06ට පැවැත් වේ.

 

කෙසේ වුවද ආර්ථික අර්බුදයක් තුළ මෙන්ම 2024 මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්වීම තුළ ගෙන එන මෙම  අයවැය පිළිබඳ දැඩි අවදානයක් මෙන්ම අවදානමක් ද පවතින බව විචාරක මතය වී ඇත.

නවතම ලිපි