SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සෙනසුරාදා පැවති පොහොට්ටුවේ සංවත්සර සැමරුම් පරිත්‍රාණ ධර්ම දේශනාව  බොහෝ දේශපාලන සංවාද පිරුනු මණ්ඩපයක් කියලයි ආරංචි..

මහින්ද, ගෝඨාභය, බැසිල් රාජපක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ පිංකමට  පොහොට්ටුවේ මැති ඇමැතිවරු විශාල පිරිසක් ආවලු.

 

 

පහුගිය කාලයේ පොහොට්ටු කාර්යාලය පැත්තකටවත් ආවෙ නැති ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඔන්න මෙදා පිංකමට ආව එක කට්ටියටම  විශේෂ  සිදුවීමක් වෙලා.. දේශපාලන ආරංචි මාර්ග නම් කිව්වේ  ඔහු පිරිකර තොගයක් අරගෙන පිංකමට  ආව කියලයි. මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් මුණගැහිල  හිත හොඳ වර්ධනය කර ගන්න ඇමතිවරයා එහිදී කටයුතු කරල තියෙනව කියලත් කියනවා.

 

 

“මම පක්ෂෙත් එක්ක ඉන්නවා. පහුගිය කාලයේ ආවෙ නැත්තෙ තරහා වෙලා නෙවෙයි."

 

 

ඔන්න මේවගේ කතාත් මේ සංවාදය අතරතුරේදී කියැවුනා කියලයි පොහොට්ටු ආරංචිමාර්ග අපිට කිව්වෙ.. 

 

කොහොම උනත් පහුගිය සෙනසුරාදා පරිත්‍රාණ ධර්ම දේශනාව අවසානයේ  ක්‍රිකට් සංදර්ශනය ඇරඹුණා.

 

මේ  පිංකම දා රෑ  පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දේශපාලන සංවාදවල නිරත උනා කියලත් කියනවා. ඒ තැන්වල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැනත්  කතාකළා කියලත් රොෂාන් ඇමතිත් ඒවට අඩුවැඩිය සැපයුවා කියලත් ආරංචියි. ඒ අතරතුරේ ක්‍රීඩා ඇමති  ජනාධිපතිවරයාගේ ලඟම හිතවතුන් ගැන කතාකරද්දි කට්ටිය කොක් හඩලා හිනා උනා කියලත් ඔන්න අපි නෙවෙයි එතන හිටිය සමහරුන් තමයි කියල තියෙන්නෙ.

 

මේ මොනව උනත් අවශ්‍ය වෙලාව පහුවෙලාත් කල් ගන්න එක හොඳම විකල්පය කියල හිතන රනිල් ලොක්ක ජේ ආර් මාමණ්ඩියව වරදවා වටහාගැනීමක් කියලයි තතු දත් අය කියන්නෙ...

 

#Gossip

නවතම ලිපි