"ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ..
ඒකටත් වස දායිද කියලා විශ්වාසයක් නැහැ. දැන් මරන්න පුළුවන් නම් මාව මරයි. ඒ තරමට මේකේ ඉන්න බලන්නේ." යයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙසේ කීවේ ඊයේ (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ඔහු එහිදී පැවසිය.
මීට පෙර ශ්‍රී ලංකාවේ රගර් සහ ෆුට්බෝල් ක්‍රීඩාවන්ටද ජාත්‍යන්තර තරඟ තහනම් පැනවුනේ පසුගිය වසරේ තම ක්‍රීඩා ඇමතිධූරය කාලසීමාවේදී බව අමතක කර දමන ඇමති රොෂාන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී තමා විමසන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා, මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රොෂාන් රණසිංහ පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කියා සිටියේය.
''ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව තමයි ක්‍රිකට් තහනම් කළේ කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙනවා. කොළඹ හෝටල් කාමරයක ක්‍රිකට් තහනම් කරන සතුටට ජයපැන් බීලා තියෙනවා.''
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂව අතුරු කමිටුවට යොදා ගත්තේ ඇයිද යන ප්‍රශ්නයට ක්‍රීඩා ඇමතිගේ පිළිතුර වූයේ “මට නීතිඥයෙක් අවශ්‍ය වුණා. ඒ නිසා මම රඛිතට එන්න කිව්වා” යනුවෙනි.
මම කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා උපාලි ධර්මදාස ගැන. එකම පවුලේ වුණත් හොරෙක් නෙමෙයි කිව්වා."
"ලංකාවේ තිබෙන සියලුම ක්‍රිකට් සංගම් මට තිබෙන බලතල අනුව විසුරුවා හරිනවා. සමහර සංගම් ජීවිතාන්තය දක්වා තහනම් වෙයි."
නැවත වරක් ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කරන රොෂාන් පවසන්නේ "ICC එකෙන් අහන්න තියෙන්නේ ද්වේශසහගත ලෙස ඇයි අපිව තහනම් කළේ කියලා."
අමාත්‍ය රොෂාන් ජනාධිපති කාර්ය මණ්ඩලය ගැන සඳහන් කරමින් කියා සිටියේ,
"ජනාධිපතිවරයාවත් නොමඟ යවන ගමන් සමාජයත් නොමග යවන උසස් නිලධාරීන් ඉන්නවා." යනුවෙනි. මෙහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ඇමති රොෂාන් පසුගිය දිනවල සෘජුවම චෝදනා කර තිබුණේ ක්‍රිකට් ආයතනය රකින බව කියමිනුයි.
ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය රොෂාන් සමාජ මාධ්‍ය වෙතත් චෝදනා කර සිටියේ ,
"රටට මොනවා වුණත් තක්කඩි දූෂිත සමාජ මාධ්‍යකාරයෝ ටිකකුත් ඉන්නවා. අතට කීයක් හරි දුන්නොත් රටම පාවා දෙයි. මුන් යන්නේ කොහාටද කියලා මට හිතාගන්න බැහැ." කියාය.
"ක්‍රිකට් ආයතනයට අසීමිත බලයක් ලැබුණේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්."
ICC එකට අපි කතා කළාට පිළිතුරු සපයලා නැහැ. මම සාකච්ඡා කරන්න ඉල්ලුවා. ෆීෆා අපිත් එක්ක සාකච්ඡා කළා.
තවදුරටත් ICCයට චෝදනා කරන ඇමති රොෂාන්,
"අපිව දැනුවත් කරන්නෙවත් නැතුවනේ මේක කළේ. අඩුම තරමින් චෝදනා ටිකවත් එවන්න එපැයි. ඒකනේ මම කිව්වේ ද්වේශසහගතයි කියලා." පැවසුවේය.
කෙසේ වුවත් ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචිමාර්ග කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් දෙකම පසුගිය වසරකට වැඩි කාලයක් තිස්සේ තම අමාත්‍යාංශ විෂය තුළ අර්බූධ රැසක් නිර්මාණය කිරීම නිසා අමාත්‍ය සංශෝධනයකට සූදානම් කර තිබූ අමාත්‍යාංශ දෙකක් බවය. ඒ අනුව පසුගියදා සෞඛ්‍ය ඇමතිවරයාව මාරු කරන ලද අතර රොෂාන්ගේ ඇමතිධූරයද වෙනස් කර අළුතින් ක්‍රීඩා අමාත්‍යවරයෙකු පත්කිරීමට මෙම මස අයවැයෙන් පසු සූදානම් කර තිබූ බවය.
ඒ අනුව ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම ප්‍රයෝජනයට ගත් ඇමති රොෂාන් ජනාධිපතිවරයාගේ කල් මැරීමේ දුර්වලතාවයේ වැඩි වාසි අත්කරගනිමින්, ගන්නට සූදානම් වූ තීරණයට පෙර ක්‍රියාත්මක වී එම අමාත්‍ය ධූර හුවමාරුවේ වාසිය තමන් වෙත තබාගැනීමට කටයුතු කළ බවය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍යයේ මෙන්ම ක්‍රීඩාවේ මෙම අර්බූධ වසර ගණනක් තිස්සේ ප්‍රමාද කරමින් කල් මරමින් කටයුතු කිරීමේ ප්‍රතිවිපාක මේවා යැයි ජනාධිපතිවරයාගේ සමීපතමයන් චෝදනා කරන බවත් එකී ආරංචිමාර්ග සඳහන් කර ඇත.