SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

 

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට අධිකරණය තීන්දු කළ නිසා එම ඝාතකයන් හෙළිදරව් කරගැනීමට මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ.

 

සිංගප්පූරුවේ හා එක්සත් රාජධානියේ ඔහුට අයත් දේපළ පිළිබඳ ද විමර්ශකයන් එම රටවල්වලින් කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ.

 

 

රුපියල් කෝටි ගණනක ෂාෆ්ටර්ගේ ජීවිත රක්ෂණ පාරිතෝෂිකය ලබාගැනීමේ අරමුණින් ඔහුගේ සමීපතමයෙක් ඝාතනය සිදුකළාදැයි යන්න පිළිබඳ මේ වන විට විමර්ශකයන් සැක පළ කරයි.

 

ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය රක්ෂණ සමාගම්වල බලධාරීන්ට පසුගියදා නියෝග කළාය.

 

 

ෂාෆ්ටර්ගේ මරණ සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අදාළ වාර්තාව පිළිබඳ මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

 

 

@aruna.lk

නවතම ලිපි