SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවට ජාත්‍යන්තර  ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර ඇත.

අදාළ නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ නොදීම, ඊට  දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන ඇත.

 

WhatsApp Image 2023 11 10 at 21.42.11

 

දේශපාලන වාසි තකා සිදු කරන ක්‍රියාමාර්ග වලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවුවහොත් එහි වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි පැවසීය.

 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඊයේ දිනයේ ප්‍රකාශ කළේ මේ කුමන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවද ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැන වෙන්නට ඉඩ නොදී කටයුතු කළ යුතු බවය.

නවතම ලිපි