SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව ඒකමතිකව සම්මත වීම හරහා දැන්

වත්මන් ක්‍රීකට් පාලක මණ්ඩලයට කුමක් සිදුවේද ? බොහෝදෙනෙකු දැන් නගන ප්‍රශ්ණය එයයි.

 

 

පාර්ලිමේන්තු යෝජනාවකින් ක්‍රිකට් බෝඩ් එකක් එලවන්න පුළුවන්ද?

 

නෙත් නිවුස් එහි නීතිමය තත්ත්වය පිළිබඳ විමසීමක් කර ඇත. පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් සම්මත වීමෙන් ඡන්දයකින් තේරී පත්වන ස්වාධීන ආයතනයක නිලධාරී මණ්ඩලයක් විසුරුවා හැරිය හැකිද ? ඊට ප්‍රතිචාර දක්වමින් නීතිවේදීන් පැවසුවේ මෙරට ස්ථාපිත යම් ආයතනයකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය නොකර නිලධාරීන් පත්වන්නේ නම් යෝජනාවක් හරහා පාර්ලිමේන්තුවට හෝ එම පත්වීම් අවලංගු කළ නොහැකි බවයි.

මේ එහිදී අදහස් දැක්වූ  ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වීම හරහා කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකිද ?

 

'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ එවැනි ආයතනයක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් එහිදී කළ යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගොස් අධිකරණය හරහා තහනම් නියෝගයක් ලබාගැනීම බවයි.


පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සම්මත කිරීම මගින් සිදු කෙරුණේ ජනතාව විසින් ජනතා නියෝජිතයින් ලෙස පත් කළ මන්ත්‍රීවරුන් නැගූ හඬ සලකා බලන ලෙස කළ දැනුම් දීමක් සිදුකිරීම පමණක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

ඒ අනුව තවදුරටත් ක්‍රිකට් ආයතන නිලධාරීන් එම තනතුරේ රැඳී සිටීම නීතිමය ගැටළුවක් නොව සදාචාරාත්මක ගැටළුවක් පමණක් බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවා.

 


පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් විය යුතු යැයි නියමයක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් පැවසිය.

 

@නෙත් නිවුස් පුවත ඇසුරිනි.

නවතම ලිපි