SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Adaderana කාටූනයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.

 

 

 

ජනපති තීරණය

 

ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ජනාධිපති වික්‍රමසිංහ  කියා ඇත්තේ ක්‍රිකට් අර්බුදයට හොඳම විසඳුම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා විසින් කෙටුම්පත් කර ඇති ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බවය.

 

ඔහු  පවසා ඇත්තේ  තමන් කිසිදු පැත්තක් නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

එසේ වුවත්  ICCයට පටහැනිව ක්‍රියාත්මක නොවී සිටීමට වගබලාගතයුතු බවද ජනපති මෙහිදී අවධාරණය කරයි..

 

එසේම අතුරු කමිටු වැනි පැලැස්තර විසඳුම්වලින් වැඩක් නැති  බවත්  නව ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි පාලනය සඳහා ඊට අදාළ මණ්ඩලයක් දැමිය යුතු බවත් ජනපති කියා ඇත.

 

.

 

කාටූන් චිත්‍රය සහ පුවත් වීඩියෝ  - Adaderana.lk

නවතම ලිපි