SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අපේ පොලිටික්කො ටික දූෂන වංචා ගැන පාරම්බානවාය.

තමුන්ගේ දේශපාලන කෙළිවලට ජනතා බදු මුදල් උපරිමයෙන් භාවිත කරපු මේ ඇත්තො...

රටට නහුතෙටම කෙළවා අවසන රාජ්‍ය දේපළ, ජනතා බදු මුදල් ගැන පාරිශුද්ධ අර්ථයෙන්ම කතාකරනවාය.

අද පක්ෂ විපක්ෂ මුළු දියවන්නාවම පට්ට සුද්ධවන්තයෝය.

 

 

ඒවග හොඳින්ම දන්නා කපටි නරියා නම් මේවා සතයකටවත් ගණන් ගන්නේ නැතිය.

උන්දෑ බලන්නේ ණය වී හෝ වඩා හොඳින් කන්න විතරක් මාන බලනා මැද පන්තියේ උවමනාවන් ටික සඵල කරන්නටය.

ණය වී හෝ ගිතෙල් අනුභව කරන්නට ලබාදෙන්නටය.

එසේ නොකලොත් බලය රැක ගැනීමට අසීරුය.

 

 

මේ ගොසිප් කතාව එය නොවේය.

ජාවාරම්වල  ශිෂ්ට අශිෂ්ටකම් අපි නොසොයන්නෙමු.

සොයන්නේ නැතිවාටත් වඩා අපට වැඩක් නැත්තේය.

ක්‍රිකට් දිනුවා යැයි කියා ජාතික ආලය වැඩෙන්නේ නැත.

ජාතික ආලය වෙළඳපොලේ ගසාගෙන ගොස් ප්‍රාග්ධනයේ  මුහුදට එක්වෙලාය.

දියවන්නාවේ ඒකමතිකව ඡන්ද දිනුවාට අයිසීසීය හොලවන්නට බැරිය.

අයිසීසීය හෙලවෙන්නේ නැතිව ලංකා ක්‍රිකට් ආයතනය ගෙදර යවන්නට බෑය.

කරන්නට හැකිනම් කළ යුත්තේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම් රජයෙන් තැනීමය.

එහෙත් දැන් එසේ ක්‍රීඩකයින් තැනිය නොහැකිය.

එය ක්‍රිකට් පෝර්ඩ් එකේ ප්‍රශ්නයක් නොවන්නේය.

දැන් ඉස්සර මෙන් වෙල්යායවල උදේ හවසට ක්‍රීඩා කරන කොල්ලො කුරුට්ටන් නොමැත්තේය.

ඔවුන් සියල්ලෝම තරඟයේය.

අධයාපනය ලබනා දැනුම එක්කාසු කරනා තරඟයේය.

ක්‍රීඩා කරන්නට තෝරාගන්නා දරුවන් එසේ කරන්නේ වෙනත් උවමනාවන් අපේක්ෂා සහිතවය.

එහෙම තැනුවාට අයිසීසීය යටතේ තරඟවලට යෑමට නොහැකි වෙන්නේය.

මේවා සාමාන්‍ය දැනීමය.

 

 

අද දියවන්නාවේ ඡන්ද තියන සංවාද, කරන පොලිටික්කන් මෙය හොඳින්ම දන්නේය.

එහෙත් එළියේ ඉන්න මිනිසුන්ව අන්දවන්නට මෙවැනි ඩ්‍රාමාද උවමනාය.

මේ තවත් එක නාටකයකි.

එහෙත් දේශපාලනයේ හොරකම් ගැන අපි විමසිලිමත් වෙන්නෙමු.

මන්ද, දේශපාලකයින් ඵල නෙලාගන්නේ, වංචා කරන්නේ රටේ මිනිස්සුන්ව රවට්ටමිනි, මිනිසුන්ගේ එදා වේලෙනි.

එසේ කරමින් සුදු පිරුවට කතා ගොතන්නේය.

අද සෙල්ලම් ඇමති තුමා කලේත් එවැන්නකි.

 

 

අද පාන්දරම අපගේ හිත මිතුරෙකුට පොළොන්නරුවෙන් ඇමතුමක් එන්නේය.

“සර් කොහේද ඉන්නේ..අපි දැන් මෙහෙන් පිටත් වෙනව බස් 06ක්...”

ඇමතුම දොඩන්නේය.

බස් වලින් පොළොන්නරුවෙන් සෙනග ගෙනෙන්ට සූදානම් කර ඇත්තේ සෙල්ලම් ඇමතීයාය.

මේ වග සැනෙකින් රටේ ලොකු තැනට වාර්තා වෙලාය.

බස් රථ කොහෙන්ද කියාත්, බස්වලට ගෙවන්නේ කවුද කියාත් ලොකු තැන දැනුවත් වෙලාය.

වහාම බස් රථ ගමන තහනම් කිරීමට නියෝගය දී ඇත්තේත් ලොකු තැනමය.

 

 

බස් රථ එන්නේ සෙල්ලම් ඇමතිතුමාගේ සහායට ඔහුගේ පාක්ෂිකයන් රැගෙනය.

බස් රථවලට ගෙවන්නට නියමව ඇත්තේ මහවැලියෙනි.

තමාගේ අමාත්‍යාංශයේ මුදල් යෙදවීම රාජ්‍ය දේපළ අවභාවිතාවක් නොවන්නේ කෙලෙසදැයි දන්නේ කවරෙක්ද?

උන්දෑ අද දියවන්නාවේ හතර අතට නෙළුවේ සුදු පිරුවට පොරවාගෙනය.

ඒ ඇත්තොගේ කොළඹ ගෙදරට රජයෙන් පඩි ගෙවා තබාගන්නා සේවක සංඛ්‍යාව කොතෙක්ද?

පොළොන්නරුවෙ ගෙදරට යොදවා ඇති පඩි සහිත සේවක සංඛ්‍යාව කොතෙක්ද?

ආරක්ෂක භටයො කොපමණක්ද?

වාහන කීයක් කොළඹ ගෙදරත්, පොළොන්නරුවෙ ගෙදරත් පාවිච්චි කරනවාද?

 

 

මේවාට කියන්නේ හක්කෙ බුදුරැස් බොක්කේ  දඩමස්ය.

දැන් ඉතිං දියවන්නාවේ ඡන්දයක් නොතියා යෝජනාවක් සම්මත කරගත්තේය.

දැන් හෙට ක්‍රිකට් ලොක්කෝ ගෙදර යනවාද?

මහා සද්දයක් දාල මී පැටියෙක්වත් වදන්න බැරි යෝජනාවක් සම්මත වීම විතරක් ද?

අයිසීසීයේ නියෝගයකින් තොරව එය ඉටුවේද කියා අපිත් බලා ඉන්නවාය...

 

#Gossip

නවතම ලිපි