SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුරුඳුවත්තේ වික්‍රමසිංහගේ ගම  ගාල්ලේ කියා ඊයේ සමාජ මාධ්‍ය පෝස්ටුවක් පළවී ඇති අයුරු දුටුවෙමි.

ඒ කියන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ ය.

රොෂාන් ඇමතිගේ ගම පොළොන්නරුවය.

ඒ කියන්නේ හිටපු සිරිසේන උන්දැගේ ගමේමය.

 

ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුව අති උණුසුම් ය.

විපක්ෂ නායකට වගේම විපක්ෂයේ පක්ෂ සන්ධානවලටත් අතුරු සිදුරු නැති වැඩ ගොඩකි.

හරීම කඩිසරය. කටවල් හරි සැරයිය.

ගම්පහ ප්‍රසන්නලාට හැරෙන්නවත් බැරිය.

දැන් කට්ටියම රෙඩි වෙන්නේ පොළොන්නරුවේ රොෂාන්ගේ කරෙන් එගොඩ වන්නටය.

රොෂාන් ට්‍රයි කරන්නේ ඇමති මාරුව කොහොමත් කලෙක පටන් වෙනවායැයි කියූ එකේ එහි උපරිම වාසි අත්කරගැනීමටය.

 

එහෙම නැතිව  මේ වගේ දේශපාලන උනන්දු සහිත රටක මිනිස්සුන්ට තුන්වේල කන්න නැති එකට වඩා විපක්ෂයට ක්‍රිකට් උවමනා වෙලා නොවේය.  

ඔින්න දැන් අද දවසෙ පාර්ලිමේන්තුව පෙරළා දමන්නට ඊයේ රෑ පුරාම කට්ටිය නිදිමරාගෙන වැඩය.

විපක්ෂ නායක කාර්යාලය ෆුල් බිසීය.

ඒ අතරෙ පොහොට්ටුවෙන් ස්වාධීන වුනු කට්ටියටත් මාර සැටය.

හැමෝම තවමත් ජය පැන් නොබීවා පමණි.

ඒත් ප්ලෑන ගැන කතාකරන්නට ගත් ඊයේ රෑ ඉඳලම පැන් ටිකක් නම් ගන්න පටන්ගත් බවට ආරංචිය.

 

මේ අතරේ කට්ටිය මෙහෙම උද්යොගී වෙද්දී කපටි නරියා නූල් සූත්තරය පටන් ගෙන තිබුණි.

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හරහා වූ කමිටුවෙන් ඔින්න වාර්තාවක් අද පාර්ලිමේන්තුවට එනවාය.

කට්ටිය ඡන්දය දී කපටි නරියාව ගෙදර යවන්නට පෙරුම් පුරද්දී අද ඡන්දය දෙන්නට වෙන්නේ මේ සභාගත වෙන පනතට වන්නට හැකිය.

ක්‍රිකට් ලොක්කෝ ගෙදර යවන්නට කැස කවද්දී එක කමිටුව වෙනුවට කමිටු 10ක් පත්කරනවාය.

වෙනසකට අඩියක් පස්සට ගැනීමක්  වූයේ නම් උනේ  සාගල කමිටු වාර්තාව ඒ අනුව සම්පාදිත “චිත්‍රසිරි කමිටු වාර්තාව” ලෙස නම වෙනස්වීම පමණක් ය.

 

වීරවංශ ලොක්කාට අවශ්‍ය නම් ඊට තම ගිණුමට ලකුණු බැරකරගත හැකිය.

මන්ද ක්‍රීඩා පනත් හදන්නට සාගල කළ ක්‍රීඩාව මොකක්දැයි පහුගියදාක දියවන්නා කවුන්සිලයේ පට්ට පතුරු ගැසූවේ වීරවංසයන්ය.

ඒ මොනවා උනත් කපටි නරියා නම් කියන්නේ මේ කමිටු වාර්තාව ගේන්න හිටියේ ලෝක කුසලානෙන් හා අයවැයෙන් පස්සෙ බවය.

ඒත් ඇතිවෙලා තිබෙන තත්වය මැද අදම දියවන්නාවට ඇතුල් කරන බවය.

කොහොම උනත් දූෂනේ දූෂනේ කියපු අයට එක කටිමුවක් වෙනුවට ඔින්න දැන් කමිටු 10ක් තිබෙනවාය.

දැන් කමිටුත් වැඩිය. ඒකට දාන්න පුළුවන් සංඛ්‍යාවත් වැඩිය.

 

බෙදාහදාගෙන කන්න බලාපල්ලා යැයි කපටි නරියා නොකියා කීවේය.

ආණ්ඩුව පෙරලන්න මාන බලාගෙන හිටපු උන්දැලාට දැන් අබ සරණමය.

 

ඒ අතරේ පොහොට්ටුවේ හයිය තවමත් ඇද්දැයි වන ලිට්මස් පරීක්ෂාවත් කපටි නරියා විසින් අද හවසට සොයාගනු ඇතිය.

ඉතිං මේ සියල්ලට විපක්සයේ නායක උන්දෑට ස්තූතියි කියා කියන්නේ අපි නම් නොවේය.

 

 

පින්තූරය - DailyFT පළවූ කාටූනයකි.

#Gossip

නවතම ලිපි