SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යළි තරග වැදීමට අපේක්ෂා කරන

80 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ජනප්‍රියත්වය දැන් බෙහෙවින් පිරිහී ඇති බව රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / IPSOS) මත සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

 

 

ඒ අනුව ජනාධිපතිවරයෙකු ලෙස ජෝ බයිඩන් ගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ, අමෙරිකානුවන් ගෙන් 39%ක් පමණක් බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බරයේ එය 42%ක් ව පැවති අතර, ඔක්තෝබරයේ දී 40% දක්වා පහත වැටී ඇත.

 

 

මේ නිසා 2024 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුහුණ දීම ජනපති බයිඩන්ට විශාල අභියෝගයක් වනු ඇති බව මාධ්‍ය වාර්තා පල කර ඇත.

 

එමෙන්ම නව මත සමීක්ෂණයට අනුව යුද්ධය සහ විදේශීය අර්බුද සම්බන්ධයෙන් අමෙරිකානුවන් බයිඩන් ගේ ප්‍රතිපත්ති පිළිබඳ සෑහීමකට පත් නොවන බව පෙනී ගොස් ඇති අතර ඔහු අමෙරිකානු ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ද ජනතා ප්‍රසාදය ගිලිහෙමින් පවතින බව මෙම මත සමීක්ෂණයෙන් අනාවරණය වේ.

නවතම ලිපි