SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.

ඒ ඊයේ (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.

 

එය අද  (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඒ බව පවසා ඇත.

 

 

කෙසේ වුවද මෙම යෝජනාව ජය ගතහොත් ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ බිහිවීම සටහන් වනු ඇති අතර මෙම මස පැවැත්වෙන ආණ්ඩුවේ අයවැය යෝජනාවලියට එය බලපානු ඇති බව විචාරක මතය වී ඇත.

 

 

මන්ද මෙය හුදෙක් ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සම්බන්ධ තීන්දුවකට වඩා ආණ්ඩුවේ ජනාධිපතිවරයාට හිතවාදී බලය තීරණය කෙරෙන සාධකයක් වනු ඇති නිසාය.

 

එහෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලය සහිත පොදුජන පෙරමුණ ගනු ලබන තීරණය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජනාධිපතිවරයා සහ බැසිල් පාර්ශ්වය අතර පවතිනවා යැයි ඉදිරිපත්ව ඇති මත ගැටුම සැබෑවක්ද යන්න ගැනත් එමගින් අනාවරණය වනු ඇති බවට මත පළවේ.

නවතම ලිපි