SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නුවරඑළියේ  තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනිමට අවශ්‍යනම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනීමට හෝ

ඒ පන්සල්වලට බදු ගසන වැඩපිළිවෙළක් සකසන ලෙස ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

 

‍රට බංකොළොත්වු විට තායිලන්තයේ මහ සංඝරත්නය පන්සල්වල තිබු රත්තරන් හා මුදල් ආදිය රජයට පිරිනැමු බවත් ලංකාවේ එවැන්නක් කිසිදිනක සිදු නොවන නිසා විශාල ලෙස ආදායම් ලැබෙන පන්සල්වලින්  මුදල් කොටසක් කෙටි කලකට හෝ රජයට ගැනිම සුදුසු යැයිද රාහුල හිමියෝ කියා ඇත.‍

 

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්  වනවාසි රාහුල හිමියෝ,

 

“මම දැක්කා  ජනාධිපතිතුමා නුවරඑළියේ ගිහින් පරණ තැපැල් කාර්යාලය හෝටලයක් හදන්න ඉල්ලනවා. ඒක නොදෙනවානම් තැපැල්පතිටත් ගෙදර යන්න වෙයි වගේ කතාවකුත් කිව්වා. කොහොම වුණත් ඒ වගේ රාජ්‍ය දේපල විකිණිමට වඩා හොඳ යෝජනාවක් මම කරන්න කැමැතියි. රාජ්‍ය ආදායම අඩුනම් කෙටි කලකට හරි මම කරන යෝජනාව වැදගත් වේවි කියලා මම හිතනවා.

 

 ලංකාවේ කෝටිගණන් ආදායම් ලබන පන්සල් තිබෙනවා. ඒ ලැබෙන කෝටි ගණන් පඬුරුවලට වෙන්නේ මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒවායේ පාලකයෝ ඒ මුදල් අවභාවිතා වෙනවා.මෑතකදි නවගමුවේ දේවාලයේ පිංකැටවලට සීල් තිබ්බෙත් ඔන්න ඔය වංචා වැඩ නිසයි.

 

 

මම කියන්නේ මේකයි. මේ සමහර පන්සල්වලට ලැබෙන කෝටි ගණන් මුදල්වලින්  ඒවායේ පාලකයන්ට වාහන ගන්න  ඉඩම් ගන්න, ස්ථිර තැන්පත් දාන්න, අඹුදරුවෝ පෝෂණය කරන්න ඉඩ දෙන්න එපා.  ඒ ආදායම් වලින් කොටසක් රජයට ගතයුතුයි. නැත්නම් විශාල බද්දක් හරි ගහන්න ඔිනේ.ඒ වගේ වැඩක් කරන්න පුළුවන් මේ  ජනාධිපතිට විතරයි.

 

 

කෙටි කාලයකට හරි ඒ වගේ වැඩක් කරන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනවා කරනවා.නැත්නම් මේ එන සල්ලි රජයටත් නැහැ,ගමටත් නැහැ, පන්සලටත් නැහැ.එකවරක අකිල කාරියවසම් මහතා සංස්කෘතික ඇමැති කාලේ මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරන්න හැදුවත්  ඒකට විරුද්ධව ඇමැති සමග සමහර හාමුදුරුවරු යුද්ධ කරන්නත් පටන් ගත්තා.ඇත්තටම ඒ වැඩපිළිවෙළ දිගටම කළානම් වටිනවා”

යැයි වනවාසි රාහුල හිමියෝ පවසති.

 

නවතම ලිපි