SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව මගින්; විදේශගත ශ්‍රමිකයන් වෙත රජය විසින් ලබා දෙන විදුලි වාහන ගෙන්වීමේ සහනය අවභාවිත කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා

‘සතිය’ නම් පුවත්පතක් විසින් තමන්ට අපහාස වන අන්දමට පුවතක් පළ කොට ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ  (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

 

 

 

විදුලි වාහන ගෙන්වීමේදී සිදුවූ වංචාවට එරෙහිව ක්‍රම සහ විධි කමිටුව කටයුතු කළ නිසා මට පත්තරයකින් අපහාස කළා. මල්වානේ හොර මත්පැන් ස්කාගාරය වැටලුවේ අපේ කමිටුවෙන් හෙළිදරව් වූ කරුණු අනුවයි. මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අල්ලන්න, හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න අපේ කමිටුවෙන් දුන් නියෝග නිසා දැන් ඇතැම් ජනමාධ්‍යවලට මගේ ප්‍රවෘත්ති වාරණය කරන්න නියෝග ලැබිලා! ඒත් අපි මේ ක්‍රියාවලිය නවත්වන්නෙ නෑ!

 

 

එමෙන්ම, ක්‍රම සහ විධි කමිටුව මගින්, ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ කිරීමත්, හිඟ සුරා බදු නොගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස නියෝග කිරීමත් නිසා තමන්ගේ ප්‍රවෘත්ති වාරණය කරන ලෙස එම ජාවාරම්කරුවන්ගෙන් ඇතැම් ජනමාධ්‍යවලට නියෝග ලැබී ඇති බව ද, රණවක මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

 

වාහන 129න් රජයට රු.මි.331ක බදු පාඩුවත්...!

 

 

Manusha

 

වැඩිදුරත් අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ, පාඨලී චම්පික රණවක,

 

 

 

“මගේ සභාපතිත්වය යටතේ 2023.10.18 වෙනි දින පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා රේගුව කැඳවා තිබුණා. එහිදී එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පළවූ වාර්තා කාරක සභාව විසින් විමර්ශනය කළා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විශේෂ වාර්තාවක් අපේ කාරක සභාවට ලබාදීලා තියෙනවා වාහන 129 ක් සම්බන්ධයෙන්.

 

 

එම විමර්ශනය සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් ‘සතිය’ නැමැති පුවත්පතේ 2023.10.26 දිනැතිව මා හට අපහාස වන අයුරින් පළකර තිබෙනවා. එම වාර්තාව මෙහි ඇමුණුම ලෙස ඉදිරිපත් කරන අතර, එය සභාගත කරනවා. වාහන ආනයනය කරනු ලබන එක් සමාගමක් හා එක්ව කටයුතු කරමින් වාහන බලපත්‍ර ක්‍රමය නතර කිරීම සඳහා මා කටයුතු කරනා බවට කාරක සභාවේ සභාපතිවරයා ලෙස මගේ ක්‍රියාකලාපය අපහාසාත්මකව විවේචනය කරමින් අසත්‍ය වාර්තාවක් පළ කිරීම මගින් මගේ වරප්‍රසාද කඩ වී ඇති බැවින් මෙය වරප්‍රසාද කාරක සභාව වෙත යොමු කර නිසි පරිදි පරීක්ෂණයක් පවත්වන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

 

සතිය චම්පික 2

 

 

මේක එක්තරා මාධ්‍යයක පළ වූ කාරණයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව අප වෙත ලබාදුන් වාර්තාවක් අනුවයි කරලා තියෙන්නේ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් වෙච්ච කැබිනට් වාර්තාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති අමාත්‍යාංශය නිකුත් කරපු මාර්ගෝපදේශ තියෙනවා. ඉතින් රේගුව විසින් ඒ මාර්ගෝපදේශ වලට අනුකූලවද මේ වාහන ගෙන්වා තිබෙන්නේ කියන එක ගැන විමර්ශනය කරලා අපට ලබා දීලා තියෙනවා. ආසන්නයෙන් රු. මි. 331 ක බදු පාඩුවක් දැනට මේ වාහන 129 න් සිද්ධවෙලා තිබෙනවා.

 

ඉතින් මේ පිළිබඳව අපට විමර්ශනය කරන්න බැහැ. ඒ නිසා අපි දැනට විගණකාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරලා, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුවද මේ මාර්ගෝපදේශයන් නිකුත් වුණේ. ඒ මාර්ගෝපදේශයන්ට අනුවද මේ වාහන ගෙනාවේ? ඒ වගේම මේ වාහන අන්‍යයන්ට පැවරීම සිද්ධ වුණේ එම කැබිනට් පත්‍රිකාව හා මාර්ගෝපදේශයන්ට අනුකූලවද? මෙමඟින් විදේශ විනිමය කොපමණද කියන ගැටලුව.

 

https://fb.watch/ob5bIkM1tO/

 

එහෙම නැතුව අපේ කිසිම ප්‍රශ්නයක් නෑ මේ රටට විද්‍යුත් වාහන ගෙන ඒම සම්බන්ධයෙන්. 2015 දි මමයි මුලින්ම විදුලිබල ඇමති හැටියට මේ විද්‍යුත් වාහන ආරෝපණ ක්‍රමය ලංකාවට අඳුන්වලා දුන්නේ. ඒ වගේම මේක හරියට කරනවා නම් ඇත්තටම මේ රටේ ඉහළ ආදායම් අය සතුව තිබෙන සුඛෝපභෝගී වාහන වෙනත් රටවලට ඩොලර් වලින් විකුණලා ඒ ඒ අයට මේ විද්‍යුත් වාහන ගෙන ඒමේ ක්‍රමවේදයක් අපි මීට ප්‍රථම යෝජනා කළා මා සභාපතිත්වයෙන් හිටපු ආර්ථික ස්ථායීකරණ කමිටුවේ. ඒක කළා නම් සැලකිය යුතු මට්ටමෙන් මේ ප්‍රශ්නය විසඳාගන්නට පුළුවන්.

 

 

අත්අඩංගුවට ගත්ත මත්පැන් බෝතල් වලින් 99% ක් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන්..

 

 

මෙතන මත්පැන් බලපත්‍ර පිළිබඳ ප්‍රශ්නය ගැන දැන් විපක්ෂ නායකතුමා ඇහුවා. මුදල් රාජ්‍ය ඇමතිතුමා උත්තර දුන්නා. මේ නියෝගය නිකුත් කළේ අපේ කාරක සභාවෙන්. අවුරුදු හතරක් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් අරන් තිබුන් නෑ. පසුගිය අගෝස්තු 10 වෙනිදා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඉස්සරහ මේ රටේ ව්‍යාජ ස්ටිකර් සහිත, අරක්කු බෝතල් සැරිසරන බව ඔප්පු වුණාට පස්සේ තමයි අපි නියෝග නිකුත් කළේ මේවා අත්අඩංගුවට ගන්න කියලා.

 

ඔබතුමාට මම කියන්න ඕනේ අත්අඩංගුවට ගත්ත මත්පැන් බෝතල් වලින් 99% ක් ව්‍යාජ ස්ටිකර් සහිත ඒවා. ඒ වගේම අපිට වාර්තා වුණා සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම බරපතල විදිහට අඩු වෙලා තියෙනවා කියලා. නමුත් ඒ ආදායම අඩුවීමට හේතුව හැටියට ඔවුන් දැක්වූයේ මත්පැන් බෝතලයක මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා මිනිස්සු නීතිවිරෝධී මත්පැන් වලට, කසිප්පු වලට ඇබ්බැහි වෙලා කියලා. නමුත් අපිට පෙනී ගියා මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

 

 

මම ස්තූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන. අපි තමයි එහි නියෝගය දුන්නේ ඔක්තෝබර් 30 ට පෙර බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න කියලා. අපි හෙට රැස්වෙනවා. අපි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපේ අරමුණ මේ ගැන මාධ්‍ය ප්‍රචාර ඇති කිරීම නෙවෙයි. රජයට ආදායම් අහිමි කරන යම් ජාවාරම්කාර පන්තියක් ඉන්නවා නම් ඒ අයගෙන් ඒ ඒ මුදල් නිසියාකාරයෙන් රජයට අත්පත් කර දෙන්න.

 

දැන් මගේ ප්‍රවෘත්ති වාරණය කරන්න කියලා මේ සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍යවලට දැනුම් දීලා තියෙනවා මේවායින් පාඩු වෙච්ච අය. නමුත් මේ ක්‍රියාවලිය අපි ඉදිරියට ගෙන යනවා. මේ සම්බන්ධයෙන් වෙන ක්‍රියාමාර්ගයේ දී මුදල් අමාත්‍යාංශයේ සක්‍රීය මැදිහත්වීම අපිට අවශ්‍යයි. නැත්නම් අපිට තනියම මේ කටයුත්ත කරන්න බැහැ. ඔබතුමා අපේ කාරක සභාවේ ගෞරව හා අපට ලබාදීලා තියෙන බලතල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න.”

 

 

නවතම ලිපි