SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් තමන්ට එය කල නොහැකි බව බවත්

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීම දේශපාලන ගැටුමක ආරම්භය බවට පත්වෙලාය.

 

ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය තුළ කියා තිබුණේ තම රජයේ දුර්වලම සහ කරදරකාරම  අමාත්‍යාංශ දෙක සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යාංශ බවලු.

ඒ නිසා මේ අමාත්‍යාංශවල ඇමතිවරුන් වෙනස්වීමට ඉඩ ඇති බව කියා දැන් කාලයක් ගතවෙලාය.

සෞඛ්‍යයේ ඇමති මාරුව දැන් සිද්ධවී අවසානය. මී ලඟ මාරුව රොෂාන්ටය..

ඒ නිසා මෙම ගැටුම ක්‍රීඩා ඇමතිවරයා උවමනාවෙන්ම සකස් කරමින් ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ ඉදිරියේදී සිදුවන අමාත්‍ය සංශෝධ‌නයේදී තමා ඇමතිකමෙන් ඉවත්කරන්නට සූදානම් වීම නිසා සමාජ ගෞරවය දිනාගැනීමට බවත් ලු.

 

තවත් පැත්තකින් නම් කියන්නේ වර්තමාන ඇමතිවරයාව ක්‍රිකට් පාලක මණ්ඩලය සභාපති සමගත්  ‍ජනාධිපතිවරයා සමගත් අවුලවනු ලබන්නේ අර්ජුන රණතුංග විසින් බවයි.  

 

ක්‍රීඩා විෂය තමන් යටතට ගන්නා බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බව අද පාර්ලිමේන්තුවේදී වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළ අතර එහිදී ඔහු එම විෂය පථය  තමන්ගේ ඇමති ධුරයෙන්ම ඉවත් කරන ලෙස පැවසූ බවද සඳහන් කරයි.

 ‘ජනාධිපති තුමා කාර්යාලට කතා කරල මට කිව්වා මේ කමිටුව පත්කළ එක අයින් කරන්න එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කියලා. මං කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙවෙයි මාව අයින් කරල ඇමතිකමින් ඔබතුමා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා මම කිසිසේත්ම මං පත් කරපු කමිටුව ඉවත් කරන්න නෑ කියලා’

 

එහෙත් දේශපාලන ආරංචිමාර්ගවලින් නම් කියවෙන්නේ ඇමති රොෂාන්ව තමන්ගේ කාර්යාලයට ගෙන්වා ජනාධිපති වික්‍රමසිංහ විසින් හදිසි කමිටුවේ ගැසට් පත්‍රය වැරදි බවත් නඩු යන්න සිදුවේවි කියා පවසා ඇති බවත්ලු.

 

එහෙත් මේ ගැසට් පත්‍රය සකස් කර ඇත්තේ ඇමති පුත්‍රයෙක් බවත් නීති කටයුතු මැනවින් දත් තම පියාගේ උපදෙස් ද ඔහු ඊට පදනම් කරගෙන ඇති බවත් ගොසිප් වාර්තාවන්හි සඳහන්.

 

මේ සියල්ලටම විසඳුමක් ලෙස කඩිනමින්ම ක්‍රීඩා විෂය ජනාධිපති යටතට පත්කරගැනීම සිදුවන බවනම් ස්ථීරයි කියලයි ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ.

 

කෙසේ වෙතත් මේ වනවිට අධිකරණය විසින් ක්‍රීඩා ඇමතිවරයා පත්කරන ලද අතුරු කමිටුවට අත්හිටුවීමේ නියෝගයක් පනවා ඇත.

 

#Gossip

නවතම ලිපි