SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට

කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

 

ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවට වාර්තා වන අතර නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වෙයි.

 

 

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර ඇතැයි ජනාධිපතිවරයා දැනුවත් වී ඇත්තේ අද උදැසන ලැබුන හිරු SMS පණිවිඩයකින් බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග කියයි.

 

 

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන නමුත් මෙවර ක්‍රිඩා ඇමතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නොමැති බව ද  එම ආරංචිමාර්ග කියා සිටියි.

 

 

ඒ අනුව මේ පිළිබඳ විමසීමට ජනාධිපතිවරයා අද පෙරවරු කාලයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහව සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ දැරුවත් එය සාර්ථක නොවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

 

මෙවන් පසුබිමක කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටය.

 

ඒ සඳහා අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්ය.

 

පස්වරු 6.30 ට පමණ අවසන් වූ කැබිනට් රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර එහිදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

@adaderana පුවත ඇසුරිනි.

නවතම ලිපි