SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමාත්‍යංශය ක්‍රිකට්වලට බලපෑම් කරනවා: ශම්මි ජනපතිට ලියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ජනපතිවරයාට ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යංශයේ බලපෑම නිසා එදිනෙදා කටයුතුවත් පවත්වාගෙන යෑමට නොහැකි වී ඇති බව පවසා ඇත.

 

ලබන ජනවාරි මස මෙරට පැවැත්වීමට නියමිතව ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහයට දීමටද අමාත්‍යංශය මැලිකමක් දක්වන බවයි ඔහු කියා සිටින්නේ. රටට ආර්ථික වාසි ගෙන දෙන එම තරඟාවලි පැවැත්වීමට සහය නොදෙන්නේ නම් ඒවා පැවැත්වීමද අභියෝගයක් බව ඔහු වැඩිදුරටත් දන්වා තිබෙනවා.

 

විශේෂයෙන් ඔහු සඳහන් කර ඇත්තේ ක්‍රිකට් බලධාරීන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වෙනුවෙන් සහභාගි වීම අමාත්‍යංශය මගින් කිසිදු හේතුවක් නොමැතිව තහනම් කර ඇති බවයි. මේවා ගැන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුම්වත් කිරීමට පෙර ජනපතිවරයා සමඟ සාකච්ඡාවක් ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත.

නවතම ලිපි