SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායල හමුදා ටැංකි 2023 නොවැම්බර් 1 වැනි බදාදා දකුණු ඊශ්‍රායලයේ ගාසා තීරයේ මායිම දෙසට ගමන් කරයි [Ariel Schalit/AP Photo]

ගොඩබිම් යුද්ධයට සතියකට පසු, ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ හමාස් හුදකලා කිරීමට උත්සාහ කරයි. එහෙත් හමාස් සංවිධානය ද ඊට සූදානම් බව විශ්ලේෂකයෝ පවසති.

 

ගාසා තීරයට ගොඩබිම් හමුදාවන් යවා සතියකට පසු ඊශ්‍රායලය කියා සිටියේ තම හමුදාව භූමියේ උතුරේ ගාසා නගරය වටලා, ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර සැලසුම් කිරීමට උදව් කළ හමාස් අණ දෙන නිලධාරීන් 10 දෙනෙකු මරා දැමූ බවයි. අගමැති බෙන්ජමින්ට අනුව එය  “විශිෂ්ට සාර්ථකත්වයක්” ලබා ගැනීමකි.

 

 

ඊශ්‍රායල හමුදා ගාසා නගරයට දකුණින් ගාසා තීරය දෙකට කැපීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවක් පෙනෙන්නට තිබුණි. සිකුරාදා වන විට, ඔවුන් ගාසා නගරයට දකුණින් වූ  තුර්කිය-පලස්තීන මිත්‍රත්ව රෝහලට යාබදව, ගාසා-ඊශ්‍රායල් දේශසීමාවේ සිට වෙරළබඩ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක් (සැතපුම් 9.3) පමණ ඉදිරියට ගොස් තිබුනි.  මෙම රෝහල ගාසා තීරයේ ඇති එකම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර ඊශ්‍රායලය විසින් වටලෑම නිසා ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් එය වසා දමා ඇත.

 

 

මේ අතර, හමාස්වරුන්  කියා සිටියේ තමන් එම ස්ථානයට නැගෙනහිරින්, ජුහෝර් ඇඩ්-ඩික්හිදී ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව සටන් කරන බව ය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ, වෙරළේ සිට දේශ සීමාව දක්වා ක්‍රියාත්මක වන බව ඔවුන් කියා ඇත..

 

මෙම  කේන්ද්‍රීය ස්ථානයේ පිටුපස සටන් දිගටම පැවතෙමින් ඇත. හමාස් සංවිධානයට අනුබද්ධ ආරංචි මාර්ග සඳහන් කළේ ගාසා තීරයේ ඊසානදිග කෙළවරේ බෙයිට් හැනූන් හි සටන් පවතින බවයි.

 

පසුගිය සතියේ ඊශ්‍රායල මූලෝපාය වූයේ ගාසා තීරයේ උතුරු තෙවැනි කොටසේ හමාස් සහ එහි අනුබද්ධයන් හුදකලා කිරීම සහ එම සටන් යටපත් කිරීමයි. නමුත් එමගින් ගාසා තීරයේ  වැඩි මරණ සංඛ්‍යාවක් සහ එමගින් ඊශ්‍රායලයට ජයග්‍රහණයක් අත්පත් කර දී ඇත.

 

ඊශ්‍රායලය කියා සිටියේ ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරණාගත කඳවුර හමාස්වරුන්ගේ  උමං ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවයි.  ආයුධ තොග, රොකට් වෙඩි තැබීමේ ස්ථාන සහ වෙරළට යන උමං මාර්ග සඳහා මෙම ස්ථානය ඔවුන් භාවිතා කරන බවයි. ඊශ්‍රායලය, මෙම  ප්‍රකාශයන්ට අදාළ පැහැදිලි සාක්ෂි ඉදිරිපත් නොකර, දින තුනක් පුරා ගුවන් ප්‍රහාරවලින් ජබාලියාවේ විශාල කොටස් විනාශ කර ඇත. ජබාලියා බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගොස් ඇත.

 

මිනිසුන් 1,400කට වඩා මිය ගිය ඔක්තෝබර් 7දා දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් බෝම්බ ප්‍රහාරයෙන්, දැන් ගොඩබිම් ප්‍රහාරයනුත් සමඟින්, ළමයින් 4,000කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, පලස්තීනුවන් 9,400කට වඩා මේ වනවිට  මරා දමා ඇත. සිකුරාදා, ගාසා නගරයේ සිට ගාසා නගරයට දකුණින් ගමන් ගත් ගිලන් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය - යලිත් ඊශ්‍රායලය කියා සිටියේ, හමාස් සටන්කාමීන් ගිලන්රථවල සිටි බවය. එහෙත් ඒ සඳහා ද  සාක්ෂි ලබා දී නැත. එම ප්‍රහාරයෙන්  අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත.

 

කෙසේ වුවද මේ දක්වා දෙපාර්ශ්වයේම මියගිය බොහෝ දෙනා සිවිල් වැසියන් ය.

 

@SOURCE: AL JAZEERA

නවතම ලිපි