SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ සේවා දිගුව අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නැවත ජනපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

ඒ පසුගිය සේවා දිගුවේදී ව්‍යවස්ථාදායක සභාව හා විධායකය අතර ඇතිවූ ගැටුම නිරාකරණය නොවූ තත්වයක් තුළයි.

 

ඔහුට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද පොලිස්පතිවරයා වෙත ලබා දී තිබුණා.

 

 

නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට ආණ්ඩුවේ දේශපාලන අධිකාරය බල කෙරෙමින් තිබෙන අතර වර්තමාන පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්න වෙත ජනාධිපතිවරයාට සම්බන්ධ හිතවතෙකුගේ පූර්ණ සහාය ලැබෙන බවට මත පලවෙමින් ඇත. ඒ අනුව දිගින් දිගටම සේවා දිගු ලැබෙන බවත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සඳහා මහජන ආරක්ෂක ඇමතිවරයාගේ කැමැත්ත ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් වෙත බවද පසුගිය මාධ්‍ය වාර්තා විසින් හෙළිදරව් කර තිබුණි.

 

 

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පති ධුරය පිරිනමන්නට යන බව පැතිරුණු ආරංචිය නිසා බොහෝ පිරිස් මාධ්‍ය සාකච්ඡා පවා තබමින් ඊට විරෝධය පළ කළා. ඒ ඔහුගේ දේශපාලන ගැතිභාවය ගැන සඳහන් කරමින්.

නවතම ලිපි