SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇත. 

කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පවසා ඇත.

 

ධනංජය ද සිල්වා අද තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බව ඔහු පැවසීය.

 

මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

 

ක්‍රිකට් ආයතනය වැටලීමක්!

 

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සඳහා ඇතැමුන් විසින් පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරන්නට බවද එහි සඳහන්ව ඇත.

 

ඒ අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිරිස් ද මේ හරහා බොර දියේ මාළු බාන බව තවත් පිරිසක් චෝදනා කරති. ඒ වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් ආයතනය අතර මෑත කාලීනව හටගෙන ඇති ගැටුම් සහගත බව හේතුවෙනි.

නවතම ලිපි