SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇමතිවරුන් 6 දෙනෙකුගේ විෂය පථයන් වෙනස් වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

 

 

එහි දී බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, නලීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ටිරාන් අලස් හා පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ විෂයන් වෙනස් වීමට නියමිතව ඇත.

 

 

එසේම පසුගිය කැබිනට් සංශෝධනයේදී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටියට කැබිනට් නොවන ඇමැති තනතුරක් පිරිනැමුණ අතර මෙවර ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, ශෙහාන් සේමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අරුන්දික ප්‍රනාන්දු වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමැති ධුර ලැබීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම ලිපි