SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම තෝරාගත්තේ පන්දු රැකීමයි. කෙටි ක්‍රීඩා පිටියක් වූ එම ක්‍රීඩාංගනයේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට පීඩනයකින් තොරව තරඟයට මුහුණ දීමට තිබූ අවස්ථාව එමගින් ගිලිහීමක් ලෙසයි විචාරකයින් එය දකින්නේ.

 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් කඩුළු 7ක් දැවී ලකුණු 357ක් රැස් කරනු ලැබුවා. මෙය කණ්ඩායමක් විසින් වසරේ වාර්තා කළ හොඳම ලකුණු ගණනක් ලෙස විචාරකයන් සඳහන් කළා.

 

ලකුණු 358ක විශාල ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු එක පිට එක බිඳ වැටුණේ ඉතා ම අඩු ලකුණු සංඛ්‍යාවකින්. ඕවර් 10ක් තුළ මුල් පෙළ කඩුළු 6ක් බිඳ දැමීමට ඉන්දියා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා තිබුණේ ලකුණු 14ක්.

 

තරඟය අවසන් වූයේ ලකුණු 55කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුළු බිඳ දැමීමට ඉන්දීය කණ්ඩායමට හැකි වීමෙනි. සියලු දෙනා දැවී යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 20කටවත් මුහුණ දීමට නොහැකි විය. මේ නිසා ඉන්දීය ජයග්‍රහණය ලකුණු 302කින් වාර්තා කරන්නට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දුන්නේ ලැජ්ජාසහගත පරාජයක්.

ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවූ මෙම ලකුණු 55 ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු මට්ටම් අතරට වැටෙන බවයි වාර්තා වන්නේ.

 

නවතම ලිපි