SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි සති දෙක තුළ ගිවිසුම්ගතවූ  වූ පසු හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මූලික ආයෝජනයක් (එෆ්ඩීඅයි) සිදු කිරීමට නියමිත බව අද (01) ඩේලි මිරර් වාර්තා කර ඇත.

තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියට සහභාගී වන ඕනෑම සමාගමකට එය විවෘත බව රජය ප්‍රකාශ කළද, ව්‍යාපෘතිය චීන සමාගමට ප්‍රදානය කෙරෙන බවට දේශපාලන ආරංචිමාර්ග හරහා කියැවී ඇත.

 

මීට පෙර, තවත් චීන ආයෝජනයක් වූ Colombo Port City ශ්‍රී ලංකාවේ විශාලතම FDI ව්‍යාපෘතිය ලෙස පැවතුනි. අදාළ ආරංචිමාර්ග පවසා ඇත්තේ සිනොපෙක් සමාගම  විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් කරනු ඇති නමුත් පිරිපහදුවෙහි අනෙකුත් ආශ්‍රිත සංවර්ධිත කටයුතු  සඳහා වැඩි මුදලක් පසුව ආයෝජනය  කරන බවයි.

 

 

හම්බන්තොට වරාය යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේ චීනයේ මූල්‍ය ආධාර මත ඉදිකළ ගැඹුරු මුහුදේ වරායකි. කෙසේ වෙතත් 2017 දී හම්බන්තොට වරාය චීන රජය සතු සමාගමක් වන 'චයිනා මර්චන්ට්' වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.12 කට වසර 99 කට බදු දී ඇත.

 

 

පසුගිය සතියේ චීන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බීජිංහිදී Sinopec සමූහයේ සභාපති Ma Yongsheng සහ ඉහළ විධායක නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. Sinopec සමාගම  දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට ඇතුළු වී ඇත.

 

මෙම ව්‍යාපෘතිය සඳහා එකම තරඟකරුවා වන සිංගප්පූරු සමාගමක් වූ විටෝල් සමාගම  තරඟයෙන් ඉවත් වූ බැවින් Sinopec සමාගමට මෙම  ව්‍යාපෘතිය නිතරඟයෙන්ම  අත්පත් වී ඇත..

 

මේ අතර, තවත් විදේශීය ඉන්ධන සමාගම් දෙකක  එනම් එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම්, (RM-Parks කාර්ය සාධන බැඳුම්කරය තැන්පත් කර ඇතත්) මෙහෙයුම් ප්‍රමාද වනු ඇති බව සඳහන්ය.

 

ආරාචිමාර්ග පවසන්නේ, වසර දෙකක් සඳහා තාක්ෂණික වශයෙන් ඉන්ධන වෙළඳාමෙන් ඔවුන්ගේ ලාභය ප්‍රේෂණය කළ නොහැකි බැවින්, එය ඔවුන්ට විශාල ආරම්භක ආයෝජනයක් බවට පත්වන බවයි. ඒ නිසා ඔවුන්ට කාලය අවශ්‍ය වන බව බැවසූ බවත් එකී ආරංචිමාර්ග දක්වා ඇත.

නවතම ලිපි