SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

 

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ලබා දී ඇත.

 

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන් වේ.

 

මරණ පරීක්ෂණයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ, අදාළ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණ විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සෙසු තොරතුරු සැලකිල්ලට ගෙන එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

 

එසේම මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බවත් ඇය කියා සිටියාය.

පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් ගේ මතය 4 :1 ලෙස සඳහන් ව තිබූ බවත් මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබේ.

 

මෙම විමර්ශනය ප්‍රකාර ව අදාළ මරණය අපරාධයක් යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.

 

ඉන් අනතුරු ව පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, මෙදින අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ සඳහන් වේ.

 

@adaderana

නවතම ලිපි