SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.

පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.

 

ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.

 

මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින්

 

putin

 

 

මේ අතර මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි.

 

 

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙමින් පෙන්වා දෙන්නේ මේ මොහොතේ අවශ්‍ය සටන් විරාමයක් නොව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවය.

 

 

අල් ජසීරා පුවත් ඇසුරෙන්

@Lankadeepa

නවතම ලිපි