SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම හෙට නොවැම්බර් 2 දා අවසන් වීමට නියමිතව ඇතත්

මේ දක්වා නව පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙනත් නමක් යෝජනා කර නොතිබූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

 

ඒ අනුව නැවත වරක් නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර කලින් වතාවල සිදුකලාක් මෙන් පොලිස්පති ධුරයට සුදුස්සන්ව සිටින්නන් අතරින් පොලීසියේ  පරිපාලන කටයුතු භාර ‌ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට නැවත වැඩ බැලීමට සිදුවනු ඇති බව පොලිස් ආරංචිමාර්ග කියයි.

 

 

සී. ඩී. වික්‍රමරත්න මේ වනවිට සේවා දීර්ඝ කිරීම් 3ක් ලබාදී ඇති අතර අවසන් වරට එම සේවා දිගුව සති 3ක කාලයක් සඳහා ලබාදෙමින් නැවත සේවා දිගු ලබානොදෙන බවද කියා ඇතැයි වාර්තා වේ.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන පොලිස් නිළධාරීන්  මීළඟ පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලැබ සිටිති.

නවතම ලිපි