SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීමට කැබිනට්  අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 18% දක්වා මෙම බද්ද ඉහළ දැමෙනු  ඇත.

 

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මත මෙසේ බදු අනුපාතය ඉහළ දැමූ බව කැබිනට් නිවේදනයේ දක්වා ඇත.

 

මේ අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ රැස්වීමෙන් පසු රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බව හෙළිකර තිබුණි.  එහිදී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කරමින් ජවිපෙ ඇතුළු පක්ෂ එහි ලකුණු තම ගොඩට දාගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

 

 

පඩි වැඩි කරන්න බැහැ! - ඇමති බන්දුල

 

 

එහෙත් අද එම රජයේම අමාත්‍යවරයෙකු වන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා  කැස්බෑව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් කියා ඇත්තේ දැනටත් ඉතා අපහසුවෙන් ගෙවා දමමින් සිටින රාජ්‍ය සේවක වැටුපට තවත් මුදලක් එකතු කරන්නේ කෙසේදැයි උද්ඝෝෂණ ව්‍යාපාරවලට නිරත වන පිරිස් පෙන්වා දිය යුතු බව ය.

 

ණය ප‍්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු නැවත ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැති බවත්  කවුරුන් බලයට පැමිණියත් මෙම ආර්ථික ගැටළුවට නිවැරදි විසඳුමක් සොයා ගත යුතු බවත් අමාත්‍යවරයා පවසා ඇත.

 

පසුගිය වසරේ මුළු බදු ආදායමෙන් 72%ක් රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාමි වැටුප් ගෙවීමට වැය වී ඇති බව පැවසූ  බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර සඳහා ද බිලියන පන්සියයක් වැය කළ විට භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායම සතයක් වත් ඉතුරු නොවන බවද  වැඩිචුරටත් කියා සිටී.

 

 

කෙසේ වුවද ණය වී හෝ ගිතෙල් අනුභව කරන 'මැතිවරණ වර්ෂය' වෙනුවෙන් ජනාධිපතිවරයා නැවත වරක් බදු බර වැඩිකරමින් වැටුප් වැඩිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු ඇති බව එජාප ආරංචිමාර්ග පවසයි.  

 

‍මේ නිසා ලබන ජනවාරි සිට නැවතත් බඩු මිළ ඉහළ යනු ඇති අතර එය සිදුකිරීමට අවශ්‍ය එකතු කළ අගය මත 18% බද්දට වන කැබිනට් අනුමැතිය 7%ක් වන වැටුප් වැඩිකිරීමේ කැබිනට් අනුමැතිය සමගම ඊයේ දින ලබාගෙන ඇති බව සඳහන්.

 

 

ඒ අනුව 18%කින් බදු වැඩි කර රජයේ සේවක වැටුප 7%කින් වැඩිකරමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කොකා පෙන්වද්දී  එය උද්ඝෝෂකයන් වූ සුළුතරය සහ ලංකාවේ මෝඩ වම විසින් ලබාගත් ජයග්‍රහණයේ ඝෝෂාව සමග පොදු ජනයාගේ උර මත පටවා ඇතැයි විශ්ලේෂක අදහස ය.  

නවතම ලිපි