SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අමාත්‍ය මණ්ඩලය අමතා කියා ඇත.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුපද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා එහිදී  වැඩිදුරටත් කියා ඇත.

ඊයේ (30) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී  අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්විනි.

 

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දන්නා  ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළ බව කැබිනට් ආරංචිමාර්ග කියා සිටියි.

 

බඩු මිල දිනෙන් දින වැඩි වන තත්වයක් යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත්  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තෙවැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අයවැය යෝජනාවලිය මගින් වැටුප වැඩි කිරීමක් කරන බවට රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ දිනයේදී ය.

 

කෙසේ වුවද SLLeader අප මීට පෙරද දැනුම් දුන්නේ වැටුප් වැඩිකර වෙළඳපොල යාන්ත්‍රණය පවත්වාගෙන යෑම ධනේෂ්වර ආණ්ඩුවල උවමනාව බවයි. ලංකාවේ වමට අවශ්‍ය වන්නේද එය බව අප පෙරදා ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

 

 

මහබැංකුවට සම්බන්ධ ආරංචිමාර්ග පවසන්නේ වැටුප් වැඩිකිරීම වෙනුවෙන් යළිත් මුදල් අච්චු ගැසීමට සිදුවීමෙන්  රටේ ආර්ථිකය තවත් අර්බූධයන්ට මුහුණ දෙන බවය.

නමුත් 2024 මැතිවරණ වර්ෂයක් වන බැවිනුත්, පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙනුත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රටේ ආර්ථිකයේ අර්බූධයට වඩා දේශපාලනයේ බලය පවත්වාගැනීම පිළිබඳ අර්බූධය දරුණු නිසා මෙවන් තීරණයන්ට එළැඹෙන්නට ඇතැයි ආණ්ඩුවට හිතවත් ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

නවතම ලිපි