SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායලය ගසා තිරයට නොකඩවා ගුවන් ප්‍රහාර එල්ල කරමින් පවතින අතර හමාස් සටන්කාමීන්ද උමං මර්ග තුල සිටිමින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරමින් ඇත.

ලෙබනන දේශ සිමවෙන් ඊයෙත් (29) රොකට් අවි හා මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත දියත් වීමත් සමග ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

 

ඊයේ දින ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතිය අමතමින් ප්‍රකාශ කලේ ඊශ්‍රායල් හමුදාවන් දැන් දෙවන පියවරට අවතීර්ණ වී ඇති බවත් මෙම සටන දිගුකාලින හා දුෂ්කර බවයි.

 

සිකුරාදා දින තුර්කියේ ඉස්තම්බුල් අගනුවර පලස්තීන හිතවාදී විශාල රැළියක් ඇමතු තුර්කි ජනපති වරයා වන රිචේප් ඩයිප් එර්දොන් ප්‍රකාශ කලේ ඊශ්‍රායලය මේ මොහොතේ එනම් ඔක්තෝම්බර් 7 දින සිට කටුයුතු කරමින් සිටින්නේ යුධ අපරාධ කරුවන් හැටියට බවත් ඔවුන් වහාම සටන් නැවැත්විය යුතු බවටත් ය. එසේම ගසා තිරයට හමුදා යැවීමත් ඔහු එහිදී හෙලා දැක ඇත.

 

තුර්කි ජනපතිගේ එම ප්‍රකාශයට විරෝධය පල කිරීමක් වශයෙන් ඊශ්‍රායල විදේශ ඇමතිවරයා විසින් තුර්කියේ සිටින තම තානාපති වරයා නැවත තම රටට කැඳවාගෙන ඇති අතර තම රටේ හා තුර්කියේ සබදතා සම්බන්ධව නැවතත් සමාලෝචනය කරන බවත් ප්‍රකාශ කර ඇත.

 

එසේම ඉරාකයේත් ඉන්දුනිසියාවේත් , ජෝර්දානයේ ඇතුළු බොහෝ මුස්ලිම් රටවල් වල ඊශ්‍රායෙල් විරෝධීව  පලස්තීනයට සහය පල කිරීමේ රැලි පවතියි. 

එහෙත් ඇමරිකාව හා යුරෝපා සංගමය ඊශ්‍රායෙල් ක්‍රියාමාර්ග අනුමත කරන අතර ඔවුන් ඊශ්‍රායෙල් වෙත දැනුම් දී ඇත්තේ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන ඇතුළු දැ සැපයීමේ ක්‍රමයක් සලසන ලෙසත් සාමන්‍ය ජනතාවගේ ජිවිත ආරක්ෂා කරන ලෙසත් ය.

 

මේ අතර ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහල ඉවත්කර ගන්නා ලෙස ඊශ්‍රායලය නියෝග කර ඇති අතර දැඩි සත්කාරගතව සිටින රෝගීන් සහ ළමයින් වැඩි දෙනෙකුද ඇතුළුව 14000ක් පමණ දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝහල ඉවත්කරගත හැකි ක්‍රමයක් නැති බව රෝහල් බලධාරීන් කියා ඇත.

 

ඊශ්‍රායලය “වහාම” ඉවත් කිරීමට නියෝග කිරීමෙන් පසුව සහ බෝම්බ හෙලීම දිගටම සිදුවෙමින් පවතින බැවින් ගාසාවේ අල්-කුඩ්ස් රෝහලට එල්ල විය හැකි ප්‍රහාරයක් පිලිබඳ භීතිය වර්ධනය වේ.

 

  • සති තුනක් තුළ පලස්තීනුවන් 112 කට වැඩි පිරිසක් මරා දමා ඇති බටහිර ඉවුරේ මාරාන්තික ඊශ්‍රායල වැටලීම් දිගටම පවතී.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඉරිදා අවම වශයෙන් ආධාර ට්‍රක් රථ 33ක් ගාසා තීරයට ඇතුළු වූ අතර එමඟින් ගාසා තීරයට ඇතුළු වූ මුළු ට්‍රක් රථ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
  • 2019 වසරේ සිට සෑම වසරකම ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමුන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය සති තුන තුළ ගාසා තීරයේ දී මරා දමා ඇති බව Save the Children පවසයි.
  • ගාසා තීරයේ ජනගහනයට සහන සැපයීමට බාධා කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය යටතේ අපරාධයක් විය හැකි බව උසාවියේ ඉහළම අභිචෝදකයා රෆා දේශසීමා හරස් මාර්ගයේ සංචාරයකදී පැවසීය.
  • ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 8,005ක් මිය ගොස් ඇත. ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගියහ.

 

@ JSD News line වෙනුවෙන් ජෝසප් ඩයස් සහ

Aljazeera පුවත්  වෙනුවෙන් Ted Regency ,  Lyndal Rowlands ,  Hamza Mohamed ,  Water Hour  සහ  Virginia Pietromarchi විසිනි

 

නවතම ලිපි