SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවීම ගැන කතාකිරීම  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇත.

එසේ කිරීමට අදහස් කර ඇත්තේ වෙන වෙනම සාකච්ඡා කිරීම තුළප්‍රතිවිරෝධතා සමනය කරගරනීමට යැයි සඳහන්. මේ නිසා එකී සම්බන්ධීකරණය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්පෙරුමට පවරා ඇත.

 

නිදහස ජනතා සභාව ආරම්භයේදී බොහෝ දේශපාලන පක්ෂවල වැඩි අවදානයක් දිනාගත්තද මේ වනවිට එය ක්‍රමයෙන් හීන වෙමින් යන බව පැහැදිලිය. පාර්ලිමේන්තුවේ සිටින බහුතර උගත් බුද්ධිමත් යැයි නම් දැරූ පිරිස නිදහස ජනතා සභාවේ බහුතරය වී ඇත. එහෙත් වර්තමාන ආර්ථික අර්බූධය මෙන්ම ආණ්ඩු විරෝධී ඉදිරිපත්වීම්වලදීද නිදහස ජනතා සභාවට පෙනෙන තරම් දේශපාලන පරිණතභාවයක් පෙන්විය නොහැකි වූ බවයි දේශපාලන විචාරක මතය වී ඇත්තේ.

 

කෙසේ වුවද ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සන්ධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර,ඒ සඳහා වන මූලික පියවරක් ලෙස සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නවතම ලිපි