SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ක්‍රීඩා අරමුදලට ආදාර පිණිස ඔින්න සිරිලංකාවේ සෙල්ලම් ඇමති සංගීත සාජ්ජයක් සංවිධානේ කරාලු සුගතදාස ස්ටේඩියම් එකේ.

සංගීත සාජ්ජය එක දවසක් නෙවීලු දවස් තුනක්ලු.

 

ඉතිං මේකෙ ටිකට් විකුණන්න කියල බාරදීල තියෙන්නෙ සිරිලංකාවේ  ක්‍රීඩා සංගම්වලටලු. සිරිලංකාව පුරා ක්‍රීඩා සංගම් 66ක් තියෙනවලුනේ.

 

ටිකට් එකේ ගාණ පටන් ගන්නෙ දෙදාහකින්ලු. වැඩිම ටිකට්ටුව දහදාහක්ලු. මේ මිනිස්සුන්ට ඉහ ගහ ගන්න බැරිව ඉන්න වෙලේ මොන සංගීත සාජ්ජද? සෙල්ලම් ලොක්කටත් එන්නෙ මේ වගේ මෝල් අදහස්ලුමනේ.‍‍

 

 

ඒ මොනව උනත් මේ ක්‍රීඩා අරමුදලෙ සල්ලි පහුගිය කාලෙ කොහොමද වියදම් වෙලා තියෙන්නෙත් කියල රටේ ලොකුතැනට හොයල බලන්න නම් වෙයි ළඟදීම. උන්දෑ ඉතිං මැතිවරණය ගැන හිත හිතා කල් මරනවනේ.

 

 

ඒ කොහොම උනත් ඔන්න මේ කාලෙ ටිකට් විකුණගන්න බෑ කියල ක්‍රීඩා සංගම්වලට යවපු ටිකට් පොත් ඔිසෙට රිටර්න් වෙනවලු. දැන් මොකද කරන්නෙ?

 

 

සෙල්ලම් ඇමති ඒක ජාතික යොවුන් සේනාංකයට බාරදුන්නලු. ඒගොල්ලොනුත් ඒක විකුණගන්න බැහැයි කීවලු. එතකොට සෙල්ලම් ඇමති කිව්වලු යොවුන් සේනාංකයේ ස්ටාෆ් එකේ  අය අනිවාර්යයෙන්ම මේකට සහභාගී වෙන්න ඔින කියල. ස්ටාෆ් එකත් ගත් කටටම බැහැයි කීවලු.

මේ අල්ල පනල්ලේ තරුණ සභාපති කිව්වලු ස්ටාෆ් එක ටිකට් ගන්නෙ නැත්නම් හැම කෙනාගෙම පඩියෙන් ටිකට් එකක ගාන කපාගන්න කියල.

 

 

ඒආර්, එෆ්ආර් දන්න කෙනෙක් නම් ඔයවගේ වැඩක් කරන්න තියා හිතන්නෙවත් නැති වෙයි කියල පරිපාලනයට සම්බන්ධ උත්තමයෙක් මේක ඇහිල තමන්ටම කියාගත්තලු.

 

බලන් ඉමුකො හතරවටෙන් ආදාර හොයාගෙන අරමුදල් හදාගෙන සෙල්ලම් ඇමති දාන මේ සෙල්ලම මොකක්ද කියල.

අපිත් ඉන්නෙ සිරිලංකාවෙමනෙ ඉතිං...

 

#Gossip

නවතම ලිපි