SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ඊයේ(26) ඉන්දියාවේ බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවති අතර  

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබූහ.

 

දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ලකුණු සටහනේ 5 වැනි පස්වැනි ස්ථානය දක්වා ඉහළට එසැවිනි.

 

ලකුණු පුවරු ව

 

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු 2 කට - 1.048 ක ශුද්ධ ලකුණු වේගය සමගින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 154 ඉලක්කය ඕවර 25.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමෙන් ශුද්ධ ලකුණු වේගය - 0.205 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වී ඇත.

 

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 77ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 65ක් ලබාගනිමින්  තෙවැනි කඩුල්ලට ලකුණු 137 ක නොබිදුනු සම්බන්ධතාවක් පැවැත්වීම අගය කළ යුතු ඉණිමක් විය.

 

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළේ ආසන්නතම හිමිකරුවන් වන එංගලන්තය, ශ්‍රී ලංකාව හමුවේ ලැබූ මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා තල්ලු වීමෙන් අවසන් පූර්ව තරග බලාපොරොත්තු ඔවුන්ගෙන් ගිලිහෙනු දැකිය හැකි විය.

 

 

(එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156 (ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3) ශ්‍රී ලංකා පිල ඕවර 25.4 කදී කඩුලු 2 ට 160 (පැතුම් නිස්සංක නොදැවී 77, සදීර සමරවික්‍රම නොදැවී 65, ඩේවිඩ් විලි 30/2)

 

Austrailia

 

 

මෙම තරඟයේ සුවිශේෂී දැවී යාමක් ලෙස  කඩුළු රකින ක්‍රීඩක, ලංකා පිළේ නායක කුසල් මෙන්ඩිස් ලබාගත් Adil Rashid ගේ කඩුල්ල වන අතර ඒ පිළිබඳව සුද්දාගේ සදාචාරවාදය කෙරෙහි වන උපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය තුළ පළවෙමින් ඇත.

එහෙත් සුද්දා තැනූ ක්‍රීඩාවේ නීති රීති යනු සුද්දාගේ සදාචාරය වන්නේ නම් ඒ තුළ කරන දැවීයෑම් ගැන යළිත් සදාචාරවාදී ප්‍රශ්න අපට අදාළ නොවේ.

මන්ද සුද්දාගේ සදාචාරය රටවල් අතර කෙරෙන  යුද්ධ හරහා අප මේ දිනවල හොඳින්ම දකින නිසාය.

 

මැ ච් 2

 

ලෝක කුසලාන 2023 තරඟාවලියේ අද තරඟය  දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර ය.

එම තරගය අද පස්වරු 2.00ට චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරග 5කට මුහුණදී ඉන් තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර පාකිස්ථාන කන්ඩායම තරග 5කට සහභාගි වී ඉන් ජයගෙන ඇති සංඛ්‍යාව තරඟ 2කි.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි