SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අය වැය යෝජනාවලියෙන් පසු මේ පිළිබඳව තීන්දුවක් ගන්නේද නැතහොත් අයවැයේදී එම තීරණය ගන්නේද යන්න ගැන මෙහිදී සාකච්ඡා වූ බවත් සඳහන්ය.

 

පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවති මෙම  විශේෂ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තාවේ.

 

මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවිය යුතු බවත් එසේ සහන හිමි නොවන්නේ නම් ආණ්ඩුවට දක්වන සහය ගැන තීරණයක් ගත යුතු බව එහිදී දැඩිව අවධාරණය වී ඇති අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දිගින් දිගටම ජනතා සහන පිළිබඳව ජනාධිපතිවරයා වෙතද දැනුම් දීමක් කර ඇත.

 

මේ අතර ජනාධිපතිවරයාට පක්ෂපාතී ආරංචිමාර්ග දැනුම් දෙන්නේ පොදුජන පෙරමුණේ නායකයින්ගේ  අමාත්‍ය මාරුව ගැන පළවන විරෝධතාවන් නිසා ආණ්ඩුව විසුරුවා මහා මැතිවරණයක්ට යෑමට ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බවය.

 

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවද මාධ්‍ය වාර්තා හෙළිදරව් කර තිබුණි.

 

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ සිට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද කියා සිටියේ ආණ්ඩුවේ ඉන්නට බැරිනම් ඉවත්ව යන ලෙසයි.

ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ,

“සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුන එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශ වලට වැඩ කරන්න පුලුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්”

 

නිමල් ලංසා මන්ත්‍රීවරයා කියා ඇත්තේ ඒපොදුජන පෙරමුණේ සාගර කාරියවසම් ඇතුළු පිරිසට බලය ඇත්නම්  ඒ දේ කර  පෙන්වන ලෙසයි.

 

“එක එක ඒවා කිය කිය ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුලුවන්. විපක්ෂයට ගිහින් ඉඳගන්න පුලුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ ‍නැතිනම්, එතුමා ජනාධිපතිධූරයේ වැඩ කරද්දි මෙතුමන්ලා‍ එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම් මහතාට පුලුවන් මාධ්‍ය වල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මුණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.

සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුලුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොඳ නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩ කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දේ  කරන්නේත්  නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුලුවන්”.

නවතම ලිපි