SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

තමා ගන්නා තීරණවලට එරෙහිව යමින්  ආණ්ඩුව කරගෙන යෑමට පොහොට්ටුවේ සහය නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

 

එසේම ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ද ජනාධිපතිපවරයා මේ බව අවධාරණය කර ඇත..

 

කව්රුන් කෙසේ කීවද ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර පොහොට්ටු නායකත්වයට දන්වා ඇති බව පැවසේ.

 

මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද ජනාධිපතිවරයා පොහොට්ටුවට තදින්ම  දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

කෙසේ වුවද ලබන වසරේ ජනාධිපතිවරණයක් කෙසේ වෙතත් මහා මැතිවරණයක් මුලින්ම පවත්වනු ඇති බවට දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත.

නවතම ලිපි