SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ බත්තරමුල්ලේ දී‌ ගුරු සංගම් විශාල‌ ප්‍රමාණයක් එක්ව සිදු කළ‌ උද්ගෝෂණ ‌ඉතාම‌ නින්දිත ආකාරයට මර්ධනය කිරීමට ආණ්ඩුව ක්‍රියා‌ කළේය.

කඳුලු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සේම රබර් උණ්ඩ ද යොදා ගෙන වෙඩි තැබීම සිදුවූ බව වාර්තා වෙයි. මෙය ඉතාම තුච්ඡ මර්ධනයකි‌.

 

ගුරු 2

 

 

ගුරුවරයා ඉතාම සොච්චං වැටුපකට තම ජීවිතයම පාසල වෙනුවෙන් කැප කරන අයෙකි‌. එවන් පිරිසක් ජීවිතය පුරාම කොතරම් ආර්ථික සූරා කෑමකට ලක්වනවාද? රාජ්‍ය විසින් ඔවුන්ගේ සුබසාදනය ගැන නොබලන්නේ නම් එය කරන්නේ කව්ද?

 

 

මෙරට අධ්‍යාපනය සඳහා වෙන්කරන ඉතාම සුලු‌ පිරිවැය පවා කපා දැමීම ආණ්ඩුවේ අරමුණයි‌. පාසල් අධ්‍යාපනයේ බර වැඩි හරියක් දෙමව්පියන් දරයි. ගුරුවරු ඉතාම අඩු වැටුපකට වැඩ කිරීමට නොපැමිණියහොත් අධ්‍යාපනය සාමාන්‍යය ජනයාට සිහිනයක් ම වෙයි. අධ්‍යාපනයේ‌ බර වෙළදපළ හරහා ජනතාවට පැටවීමට ආණ්ඩුව දරන උත්සාහය පැරදිය යුතුය...

ගුරුවරුන්ට හිග වැටුප්‌ ගෙවීමටත්,‌ වැටුප් වර්ධක ලබා‌ දීමටත් බැරිනම්‌ ගුරුවරුන්ට වෙඩි නොතබා ආණ්ඩුව වහා‌ ගෙදරයා යුතුය!

 

@ අතුලසිරි සමරකෝන්

 

ගුරුගුරු3ගුරු4ගුරු5ගුරු6ගුරු9ගුරු10ගුරු11ගුරු 0ගුරු 2ගුරු 7ගුරු 12

නවතම ලිපි