SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය ධූරයන්ය.

 

 

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ ව්‍යසනකාරී තත්වයන් මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල බිඳ වැටීමකට ලක්වූයේ අද ඊයේ සිට නොවේ.

ඒ පිළිබඳව අමාත්‍යවරයා වගකිව යුතු බව විවිධ දේශපාලන පක්ෂ සංවිධාන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති විසින්ද බොහෝ කරුණු අනාවරණය කොට දැන් වසරකටත් වැඩිය.

 

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පිළිබඳව නෑසූකන්ව සිටීම ගැනත් පසුගිය දිනවල විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණි.

දැන් එය හිනිපෙත්තටම පැමිණ නීතිවිරෝධී බෙහෙත් නිෂ්පාදනයක් පිළිබඳ හෙළිරදව්වක් දක්වා වර්ධනය වී ඇත.

 

අමාත්‍යවරුන් ලෙස පුද්ගලයින් වෙනස් කළද මෙම පරීක්ෂන යට යා නොදිය යුතුයැයි බොහෝ වගකිව යුතු ආයතන අවධාරණය කර ඇත.

මේනිසා මෙරට බිහිවෙමින් පවතින ඖෂධ මාෆියාවක් හෙළි දරව් කරගැනීමට මේ වනවිට සී අයි ඩී පරීක්ෂන සිදුවන බව ආරංචිමාර්ග පවසති.

 

මේ ආකාරයටම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්වයන් පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ කොටස්ද දැඩි විමසිල්ලෙන් පසුවන බවට වාර්තා වේ.

නවතම ලිපි