SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතිවි තිබෙන වර්ෂා තත්ත්වය මත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සැළකියුතු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.

නිල්වලා හා ගිං ගඟේ පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

 

ඒ අනුව කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම ගංවතුර අනතුර මතු වී තිබේ.

 

ගංගා වල අතුරු ඇල මාර්ග පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක අතුරු මාර්ග කිහිපයක් ඊයේ රාත්‍රියේ සිට ජලයෙන් යටවී ඇත.

 

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාල කොට්ඨාසයේ සියලු පාසල් අද (23) දිනයේ වසා තැබීමට තීරණය කර බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

 

Deniyaya

 

මාතර දිස්ත්‍රික්කයේ සෙසු කලාප වල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දී තිබේ.

මේ අතර ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පාසල් පැවැත්වීමට මෙතෙක් බාධාවක් නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

@නාගොඩ සුමන උදයන්ත

Cnews

නවතම ලිපි